හිත කොච්චර පෑරුණත් දුකට හුරු වුණාම කඳුළු වලට වත් ඉඩක් ඇස් දෙකෙන් ලැබෙන්නෙ නෑ.... අඬල අඬල ආය අඬන්න කඳුළු නැතිවෙනවටත් වඩා භයානක් අඬන්න වත් කඳුළු හොයාගන්න නැතිවෙන එක.
මම හිටියේ අනර්ඝ අයියලාගෙ ගෙදර . එයාගෙ රූම් එකේ. රූම් එක මුළුවාසං ඇදුම් , ලගේජස් , එකේක හත්තිලව්. අපි හැමෝම ඉන්නවා වත්සුක ඇරෙන්න . හෙට අයියා මෙහෙන් පිටත් වෙනවා. අනිද්දා පාන්දරට ෆ්ලයිට් එක තියෙන්නෙ. වත්සුක ව ආඛ්යාන් අයියලාගෙ ගෙදරට හවස ගෙන්නගන්නවා අනර්ඝ අයියාට ටිකක් එයා එක්ක ඉන්න. නැතුව මේ හත්තිලවෙ ඒකාව ගෙනාවොත් මෙතන යුද්ධයක් වෙන්න ගන්නවනෙ.
අනර්ඝ අයියා මේ ටිකේම හරිහැටි කතා කලේ නෑ. අයියා යන විත්තිය ඇහුව ගමන වත්සුකත් අපි එක්ක වචන දෙක තුනක් ඇරෙන්න කතා කලා නම් කලේ බොහොම කලාතුරකින්. මේ ගෙවෙන්නෙ අවුරුද්දෙ අන්තිම සතියට කලින් සතිය. හැමෝම ඉන්නෙ මූඩ් ගහලා . ඒත් කරන්න දෙයක් නෑ අනර්ඝ අයියා කවදාවත් හිතේ ප්ලෑන් එකක් නැතුව ඔහේ වැඩ කරන මනුස්සයෙක් නෙමේ... වත්සුක ට අයියා යන දුක ට වඩා තියෙන්නේ අංකල් මොනා කරයිද කියන බය. ඒ බය නම් අපටත් අඩු නැතුව තියනවා.
ඕන කරන ටික පැක් කළායින් පස්සේ අපි ආඛ්යාන් අයියාගෙ ගෙදෙට්ට යන්න ලෑස්ති වුණා.වත්සුකව යනින් ගමන් දාන් යන එකේ රිස්ක් එකක් තියන හන්දා ඌ බස් එකෙ ආඛ්යාන් අයියලා ගෙ ගෙදෙට්ට එනව කිව්වා. මොකද අනිවාරෙන් අපි ව අද දේශාල් අංකල් ෆලෝ කරයි හොරෙන් .අඩුම අපි එහෙම ගෙස් කරන් ඉන්නවා
" අංකල් අපි මූව එක්ක ගිහින් හෙට උදේට ගෙනත් ඇරලුවාම ඇතිනේ ?"
" අහ් කමක් නෑ සංදේශ් පුතා . පුතාලා එක්ක ඉන්න වෙන්නෙත් නෑ නෙ ආය සෑහෙන කාලෙකට . බොන්න එහෙම ලෑස්තිවෙන්නෑ ඈ ?" අංකල් එහෙම කියද්දි සර්වසාධාරණ බෝයිපෙන් මැද්දෙන් පැන්නා
" නෑ නෑ අංකල් . ගිය විදියටම ආය එයි. ඒ ගැන ඩවුට් තියාගන්නෙපා ."
" හරි එහෙනම් කට්ටිය යන්නකො එහෙනම් "
අපි ගෙදරට එද්දි වත්සුක ඇවිල්ලා . ආඛ්යාන් අයියා කලින්ම යතුර වත්සුක ට දීගන ඇවිත් . අපි කට්ටියම එද්දි පීසා යි කෝක් බොට්ල්ස් යි ගෙනාවා . පස්සේ ආඛ්යාන් අයියගෙ සෙකට්රි ට කියලා එයාල හතරදෙනාට බියර් ගෙන්නගන .අපිට බොන්න කොහොමත් චාන්ස් නෑ. ඔවර්කෙයාරින්ග් පෙම්වතුන් හන්දා.

YOU ARE READING
snow drops ❄️ ~ 𝐿𝑒𝓉 𝓂𝑒 𝒻𝓇𝑒𝑒𝓏𝑒 𝓎𝑜𝓊𝓇 𝒽𝑒𝒶𝓇𝓉 ~
Non-Fiction" අන්තිම හුස්ම වෙනකම් ම මට අඩුවක් නැතුව ආදරේ කරන්න ඕන.!"