38

123 16 30
                                    

" අරිගතෝ ගොසයිමස්.... යමතේ කුදසායි...ඔය දරුවට ජපන් පුලුවන්ද.? පුලුවන්ද ඉතිං ?

" බෑ සර් ~ "

" #කක් ද කරන්නේ ඔතන ඉඳගන ? ලියපන්....!"

මම වත්සුක ගෙ පොතේ තඩි බලි කුරුට්ටක් ඇඳලා ම්ගේ ජැපනිස් පොතේ වචනයක් පැන්සලෙන් රවුම් කළා....

" මේ අවුරුද්දෙ ඕලෙවල් ලියන්න ඉන්න එකෙක් වශයෙන් අද වගෙ දවසක ඉස්කෝලෙ ආව එක මම තරයේ හෙලා දකිනවා.. "

" හෙලා දකින්න බැයිනම් පොලා දැකපන්... මෙහ්.... අපි සුනෙත් සර් ව අල්ලගන මැත්ස් පේපර්ස් ටික ඩිස්කස් කරගමුද

"අන්දකයිප්පු කතා කරන්නෙපා...මට උදේ ඉඳන් සයන්ස් බීලා ඇති වෙලා ඉන්නේ... උඹට දෝදු ද බං මිස් ල සර් ලා හොය හොය ගිහින් වැඩ ගන්න?"

" අද නිදහසේ ඒ ටික කරගත්තාම ගෙදර ගිහිං වෙන වැඩක් කරගන්න පුලුවන් නෙ බං.... නිකම් මූවි එකක් බලනව වගෙ වැඩක්?"

" ම්ම්......මෙහ්....අපි ඔඩිට් එක පැත්තෙ ඔලුව දාලා එමුද? මහ උන්දැලැගෙ පට්ටම් ගැලවිල යන විදිය මේ ඇස් දෙකෙන් දකින්න ඕන මට !"

" යමං යමං....ඇපො උඹටත් මිනිහා නොදැක ඉන්න ම බෑ නේ....?"

" පලයං බං යන්න....ගියාට කතා කරන්නෑ....අද මාමණ්ඩි ඇවිත් ඇතිනෙ... කොහොමත් බලාන ඇත්තේ මාව නෝට් කරගන්න"

" සිරාවටමද ?"

" ම්ම්ම්ම් .. අයියා කිව්වා ආවට එයා ඉන්න හරියේ ඉන්නෙපා කියල.... සෙරමනි එක ඉවර උනාම කතා කරන්න යනව "

" අහ්හ්.... එච්චරට කේස් ද වැඩේ ?"

" හම්ම්න්... එක්සෑම් ඉවර වෙලා අයියාව ප්‍රයිවට් යුනිවසිටි ලු යවන්නේ.. ඒ ගමන් බිස්නස් එක කරන්න... අයියා ඔය මුකුත් ගාණකට නැතුව ඉන්නෙ එක්සෑම් එක ලියන්න කල් තියන හන්දා බං... උඹ දන්නවනෙ....සියාත්‍රා කියන්නේ බිස්නස් ම විතරක් නෙමේ... අනර්වල්ඩ් ගේම් හුඟක් යනව ඒ අස්සෙ.... "

" උඹ කලින් ඉඳන් ම ඕව දැනන් ද හිටියෙ ?"

" අයියා යාලුවෙන්න කලින් සේරම කියල තිබ්බෙ "

" ම්ම්ම් දැං ඕව හිතන්නෙපා බං....ඉස්සරහ ගැනත් ඕනවට වඩාහිතුවම ප්‍රශ්න වැඩී "

snow drops ❄️ ~ 𝐿𝑒𝓉 𝓂𝑒 𝒻𝓇𝑒𝑒𝓏𝑒 𝓎𝑜𝓊𝓇 𝒽𝑒𝒶𝓇𝓉 ~Where stories live. Discover now