- මල්ලි...අපි කොළඹට ගිහින් ගෙදර ආවා...දැන් ආයම අමා ව එක්කන් කොළඹ යනවා...ආකි ඇවිත් විස්තරේ කියයි-
උදේ ඇහැරෙද්දි අනර්ඝ අයියාගෙ මැසේජ් එක ස්ක්‍රීන් එකෙ පොප් අවුට් වුණා....ඇයි අමාව එහෙ එක්ක යන්නේ...අම්මා එන්න බෑ කියලද.... ආඛ්‍යාන් අයියාටත් අමා නැතුව ඉන්න බෑ ඒත් මේ වෙලාවෙ කරන්න තියන හොඳම දේ ඒක කියලා එයාට හිතෙන්න ඇති.....
මැසේජ් එක දාලා තිබ්බෙ පාන්දර දෙකට....මේ වෙද්දි නම් එයාලා මෙහෙට ඇවිත් ඉන්න ඕන.....ඉස්කෝලෙ එන්නේ නැතිවෙයි... ඊයෙ රෑ ඉඳන් මෙහෙන් කොළඹටයි කොළඹින් මෙහෙටයි යන එක නෙ කලේ....මහන්සි ඇති.....
" සුදු පුතා......පරක්කු වෙලා තියෙන්නෙ හොඳේ "
" හරි හරි අප්පා...තාත්ති අද යන්නැද්ද "
" නෑ එයා ඊයෙ නයිට් කලා ඒ හන්දා දවල් යයි....මම ඔයාව පොඩි කාර් එකෙ ගිහින් දාන්නම්.... "
" හම්ම්....අම්මා ඇඳගන්න මම බත් බෙදාගන්නම්.....අම්මට ලන්ච් බොක්ස් එකට දාන්නද නැත්තම් ලන්ච් ශීට් එහෙකට දාන්නද ?"
" බොක්ස් එකට දාන්න සුදුපුතා "
අම්මා ලිපේ තිබ්බ හොද්ද ඕෆ් කරලා කාමරේට ගියා...මම අම්මගෙයි මගෙයි ලන්ච් බොක්ස් වලට බත් , එළවලු බෙදලා සර්වියට් වලින් ගැටගැහුවා...
අම්මා මාවත් ඉස්කෝලෙ ගාවින් දාලා වැඩට ගියා.....
ඔඩිට් එක හරියෙන් යද්දී අනර්ඝ අයියා පොඩි ළමයි එක්ක පන්තියක් ඉස්සරහ අතුගානවා... මූ ඉස්කෝලෙ ඇවිල්ලා....ඔව් ඉතින් දේව මණ්ඩලේ ඉද්දි එහෙම තමා...නෑවිත් බෑ නෙ....
" අයියේ "
" අඩෙ මල්ලි ළඟට එනකම් දැක්කෙ නෑ බං....."
" ඔයා එයි කියලා මම හිතුවෙ නෑ ...කීයද එද්දි "
" පහහමාරයි "
" අඩො"
" ඔව් බං..ආකි ආවෙ නෑ ඌ ගෙදර ...ඔය හිටියදෙන් ටිකක් "
" මොකද ගිය වැඩේ..... ? ඇයි අමාව එක්ක ගියේ...?අම්මා එන්න බෑ කිව්වද ?"
අනර්ඝ අයියා කොස්ස බැම්මට හේත්තු කරලා මාව ඇදගන කාටත් ඇහෙන්නැති හරියකට ගියා
YOU ARE READING
snow drops ❄️ ~ 𝐿𝑒𝓉 𝓂𝑒 𝒻𝓇𝑒𝑒𝓏𝑒 𝓎𝑜𝓊𝓇 𝒽𝑒𝒶𝓇𝓉 ~
Saggistica'ආදර කතා පුරාවෘත වෙන්න ජීවිතයම පූජා කරන්න ඕන නෑ බෝසිළු... අපේ කතාව වෙනුවෙන් මම මගෙ ආත්මෙම භාර කරල ඉවරයි ~'