දවසම එක දිගට පීරියඩ් හතක් ඉගනගන හොඳ පණ ගිහින් හිටිය නිසා අන්තිම පීරියඩ් දෙක නෑ කියලා දැනගත්තු සතුටට ම මම ජැපනීස් පොත් දෙකෙ ඩෙස්ක් එක උඩතිබ්බට පෙන්සිල් පවුච් එක නම් අතෑරියේ කිසි හිතක් පපුවක් නැති ගානට! වත්සුක සාක්කුවෙන් ලේන්සුව අරන් බෙල්ල පිටිපස්සෙ තිබ්බ දාඩිය පිහදාද්දී මම ඩෙස් එකට ම හේත්තුවක් දාගත්තා.. පන්තියේ ඉන්නෙ අපෙ ම බාස්කට් සබ්ජෙක්ට් එක කරන අය ගෙන් දෙතුන්දෙනෙක් විතරයි.....අනික් අය ඔක්කොම එයාලගේ සබ්ජෙක්ට්ස් උගන්නන තැන් වල ඇති....සමහර අය පීරියඩ් කට් කල්ලා ඔය කොහේහරි ඇති... මම ඩෙස් එක යට තිබ්බ ' විජයබා කොල්ලය ' පොත අරන් පුටුව පස්සට ඇදලා ඉඳගත්තා... වත්සුක මැත්ස් පොත පෙරලන් අද දුන්නු හෝම්වර්ක් ටික කරන්න ගත්තා...අපි හුඟක් වෙලාවට හෝම්වර්ක් ඉස්කෝලෙදිම කලා.. ඒ ඉගෙනගන්න තියන උනන්දුවට නම් නෙමේ...ගෙදර ගිහින් වෙන වැඩ කරන්න..... කියවන්න ගත්තු පිටුවෙන් බාගයක් වත් කියවන්න හම්බුනෙ නෑ චිතේර ඈත කොරිඩෝ එකෙන් විසිල් එකක් ගහගන මතුවෙනවා දැක්කා..
" ලස්සන සමනලයෝ කොහෙන්ද ඔය පාට ??" අපි එඩිට් කරපු සින්දු කෑල්ලක් තනියම කියාගන චිතේර පැන පැන ආවේ අපි ඉන්න දිහාවට...
" ඇයි බොල මී මැස්සෝ තොට මොකටද ඒක " වත්සුක කිවේ පොතෙන් ඇහැ අහකට ගන්නෙ වත් නැතුව....
මුන්දෙන්නා හොඳ ආතල් එකක් ගන්න යන්නේ...
" නෑ මං නිකං ඇහුවේ කිණ්ඩියටත් එක්ක"
" පලයං හැල ගෙම්බෝ මගෙ ගෙදරින් දොට්ට "
මම ආයම පොතට එබුනා..මේ පොත් වල.එබි එබි ඉදියයි කියලා හිතන්නෙපා අපි පොත් ගුල්ලොය ඩයල් ය අපො වැඩක් නෑ ය වගේ එව්වා.. සිරාවටම....ඩයල් නම්.තමා ඉතින්... ඒ උනාට මේ වෙලාවෙ පිස්සු නටන්න කවුරුත් නෑ නෙ ඔක්කොම උන් ටික නටන්න ගයන්න ගිහින්... චිතේර කළෙත් නැටුම් .. පහතරට විතරක් නෙමෙ උඩරට සබරගමු ඔය සේරම උට නටන්න පුලුවන්.....ඇයි අල්ලපු අත්තේ කෙල්ලො එක්කත් හොඳ හොඳ නැටුම් නටනවා... අපි නම් නටන්නෑ නටවලා ගත්තොත් මිසක්...ඒත් ඉතින් මේ අහිංසක අපිව නටවන්න ඉන්නේ කවුද....කවුද මං අහන්නෙ කවුද...කවුරුත් නෑ... මගෙ හැලයටත් දැන් නටන්න එකෙක් සෙට් වෙලා.. තව ටික දවසකින් උන් දෙන්නත් දහාට සන්නියම නටන්න ගිහාම මට තමා කෙළවෙන්නේ මම ඒත් සයුන්දි අක්කටත් කැමතී....අම්මො එයා නම් පට්ට... එයා අපේ එහා වැටේ එකොළහෙ අක්කෙක්...අපෙ ඉංග්ලිශ් ක්ලාස් එනවා...සයුන්දි අක්කට කොච්චර කොල්ලො පැණි හැලුවත් සයුන්දි අක්කා ඉන්නෙ ඩෝන්ට් කෙයා ලයින් එකේ..අපි එක්ක නම් හොඳට ෆිට් මොකද වී ඕල් ආ ෆෑන්ස් ඔෆ් සම් මයින්ඩ්බ්ලෝවින්ග් ඩ්රාමාස් ඇන්ඩ් වෙබ් ටූන්ස් .... මගෙ හැලයා තමා ගොඩක් ම ඔය සීන් එකෙ ඉන්නෙ.... මමත් දවසක් හැලයා එක්කලා උගේ බලහත්කාරකමක් මත තායි ඩ්රාමා එකක් බැලුව... තැම්පත් අහිංසක පරණ මාව මම එදායින් පස්සෙ දැක්කෙ නෑ ! මගෙ යාලු මිනිහා අහිංසක මාව නැතිකල්ලා ම දැම්මා... ඒ අල්ලපනල්ලේ මං අසංග උනොත් නීලමනීව මරලා මාත් මැරෙනවද එහෙමත් නැත්තම් නයනානන්දයි නීලමනීයි මරලා නිකම් ඉන්නවද කියලා හිත හිත ඉන්න අතරේ මෙන්න වැඩක්..... බකිංහැම් වලින් බැස්ස එක්කෙනෙක් එනවා පද්ද පද්ද අපෙ පන්තිය දිහාවට.... !!!

YOU ARE READING
snow drops ❄️ ~ 𝐿𝑒𝓉 𝓂𝑒 𝒻𝓇𝑒𝑒𝓏𝑒 𝓎𝑜𝓊𝓇 𝒽𝑒𝒶𝓇𝓉 ~
No Ficción" අන්තිම හුස්ම වෙනකම් ම මට අඩුවක් නැතුව ආදරේ කරන්න ඕන.!"