මම හිටියේ මූණ හෝදගන්න ගමන්...... රෑ ජනෙලේ ත් ඇරගන සින්දු අහ අහා ඉඳලා සීතලට බෙඩ්ශීට් එකත් ළඟට අරන් ඔතාගත්තායින් පස්සෙ මට ඇහැරුනේ අද පාන්දර.... එහෙම්මම නින්ද ගිහින්.... අම්මා දැක්ක නම් මාව හමගහනවා... අම්මා හරි බයයි ජනෙල් දොරවල් ඇරලා නිදාගන්න... හොරු පනී , උස්සන් යයි , බෙල්ල කපලා යයි, මරලා යයි..... එකී මෙකී නොකී දේවල් මතක් වෙනවා අම්මට...
අම්මා උදේට උයලා ඇත්තෙ දැන් නම්... අද ආඛ්යාන් අයියාත් එන හන්දා ස්පෙශල් මොනාහරි හදයි....ඒ අස්සෙ මේ බූතයා මට කොටුවෙ යන්නත් එන්න කිව්වනෙ... ඒ අස්සෙ මට කොටු පයිනව මතක් වෙනව..
සෑ සෑ ......මොනාද මේ හිතන්නෙ....!!!! මේ හිත මෙච්චර වල් වැදුනේ කොහොමද.......මන් අහන්නේ කොහොමද......
ඇඳුමක් දාගන පහළට එද්දි අම්මා ඩයින් ටේබල් එකෙ ඉඳන් මොකද්දෝ ෆෝන් එකේ බලනවා... අපෙ කිචන් එක ඕපන්ඩ් හන්දා සාලේ එක හරියකට කිචන් එක හොඳට පේනවා....
' අපෙ අම්මා යූ ටියුබ් චැනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා..... අද අපි හදන්නේ රස වගේ ම ගුණත් තියන උළුහාල් මාලුව..... - '
හප්පටසිරි.......අම්මා රෙසිපියක් බලනවා නේද....... අද රෑට දැන් ඉඳන් ම ලේස්ති වෙන්නද කොහෙද යන්නේ..... මම කුස්සියට ඇවිත් අම්මාට එහායින් පුටුව ඇඳලා ඉඳගන මේසෙ උඩ තිබ්බ මල් වාස් එකෙන් මලක් කඩලා අම්මගෙ කන අගිස්සෙ ගැහුවා ම අම්මා හිනා වෙලා මා දිහාවෙ බැලුවා...
" අද මං ලෝකල් ඩිශස් ටිකක් ට්රයි කරන්න හිතුවෙ.....ඔය ළමයි වෙස්ටර්න් කෑම ඕන තරම් කනවනෙ..... මේවා කැවෙන්නෑ නෙ..."
"ආහ්...ඒකත් හොඳයි ඉතින්.....අම්මා දැන් ඉඳන් ම ලෑස්ති වෙනවද....."
"නෑ තව ටික්කින්......මට උදව් කරන්න හොඳේ... මම තාත්තට ලිස්ට් එකක් යැව්වා...දැන් වීල් එකක් එයි බඩු ටික අරන් සුදු පුතා... ඊට පස්සෙ හිමීට පටන් ගන්න ඕන....ලෑස්ති කරලා තිබ්බම හවසට ලේසී නෙ..."
"ම්ම්ම්ම්න්.....මම කොටුවේ යනවා අද හවසට...."
"එතකොට අර දරුවා... ?"
"අර දරුවා එක්ක තමා යන්නෙ අර දරුව ගෙ යාලුවා ව ත් බලලා කොටුවට යන්න එන්න කිව්වා..... "
YOU ARE READING
snow drops ❄️ ~ 𝐿𝑒𝓉 𝓂𝑒 𝒻𝓇𝑒𝑒𝓏𝑒 𝓎𝑜𝓊𝓇 𝒽𝑒𝒶𝓇𝓉 ~
Saggistica'ආදර කතා පුරාවෘත වෙන්න ජීවිතයම පූජා කරන්න ඕන නෑ බෝසිළු... අපේ කතාව වෙනුවෙන් මම මගෙ ආත්මෙම භාර කරල ඉවරයි ~'