මම හිටියෙ නහුතෙටම නැගල... නෑ මම කියන්නේ මලකට ඉන්න එන්න කියල ඉස්කෝලෙට ගිහාම අල්ලන් උඩරට ඩාන්ස් එකක් පුරුදු කරද්දී නගින්නැතුව තියේද.... මම පැනලා යන්න ස්ටේජ් එකෙන් පනින්න යද්දී සංදේශ් අයියා ඇවිත් මගෙ පස්සට චටාස් ගාලා එකක් දුන්නා ඊයෙ ...
ඌ කවුද මගෙ පස්ස අල්ලන්න !!!
ඔක්කොමත් හරි ගිය වෙලෙ ඉඳන් එක ගොටුකොළ හිවලෙක් මූණ ඤක්කන් කරගන.... දෙන්න හිතයි හොම්බට හැටක්.....මූ සේරම කියල මම දුක අහන මල්ලි උන්නම මාව මගාරිනව.... උඹ හොඳ වැඩී විවෙදයො ....උඹ දිව්‍ය ලෝකෙ ඉපදෙන්න ඉඳල අම්මගෙ කීමට මෙහෙ ආව එකෙක්...කාම් ඩවුන්....
ඒ අස්සෙ අර ප#ය දවසම එනවුන්සින් වලට දමල....
මට තරහයි...
මුන් මාවයි වස්සවයි දෙතැනක තියල බලාපොරොත්තු වෙන්නෙ මොන වගෙ තිරිසන් විදියෙ සතුටක් ද කියන්න මට තේරෙන්නෑ.....
ඒ අස්සෙ ආඛ්යාන් කියන බූරුවා මාව මගෑර මගෑර ඉන්නව.... මම නම් ගියෙ නෑ නිකමට වත් කතා කරන්න...මූ ට මොකා වැහිලද මන්ද.. ඊයෙ දවසම ඔඩිට් එක පැත්ත පලාතෙ ආවෙ නෑ...
මම හිටියේ හය වසර පන්තියක් අස්සෙ සරම ඇඳගන්න ගමන්...උදේ හොඳට ගැටගහගන ගියාට මේ මලදානෙ ලෙහෙනව...මම කෝපරේටිව් එකෙන් ගත්තු හැට්ටකටු කැරැල්ලෙ ලොකුම හැටකට්ට අරන් මම යටට ඇඳන් උන්නු මගෙ නමය වසරෙ සුදු කොටකලිසමයි අන්ඩර්වෙයා එකයි දෙකෙම වාටි දෙකට සරම තියලා අහුවෙන්න හැට්ටකට්ට ගහද්දි ඒක මගෙ ඇඟිල්ල හිල් කරන් ගියා...
' ඌයියා...මොන හුයන්නක්ද '
"කෝ දීපන් " අනර්ඝ අයියා මගෙ දිහාවට ඇවිත් හැට්ට කට්ට අරන් ඒක අමුණන්න වලි කෑවා....
ඒ අස්සෙ කොහෙදො ඉඳන් කඩාපාත් වෙච්ච කබරයෙක් ' රිෂි අර කතාව ලියපු කොලේ කෝ ' කියාන පන්තියට එබිලා ඇවිත් මම ඉන්නව දැකල ඇස් ලොකු කරන් ආයම යන්න හැදුවා... අනර්ඝ අයියා ඔලුවෙ අතක් ගහගන අනෙක් අතෙන් ඔලුව කහද්දී මම අතේ තිබ්බ හැට්ටකටු කැරැල්ලම අනර්ඝ අයියා අතේ තියල අරූ පන්තියෙන් පිටවෙන්න කලින් දූවගන ගිහින් දොර හරස් කලාම ඌ මා දිහාවෙ බලලා ඇස් ලොකු කරන් ආයම බිම බලාගත්තා....
YOU ARE READING
snow drops ❄️ ~ 𝐿𝑒𝓉 𝓂𝑒 𝒻𝓇𝑒𝑒𝓏𝑒 𝓎𝑜𝓊𝓇 𝒽𝑒𝒶𝓇𝓉 ~
Não Ficção'ආදර කතා පුරාවෘත වෙන්න ජීවිතයම පූජා කරන්න ඕන නෑ බෝසිළු... අපේ කතාව වෙනුවෙන් මම මගෙ ආත්මෙම භාර කරල ඉවරයි ~'