06

337 33 13
                                    

මේ මාස ටික ම වෙනසක් නැතුව ගෙවිලා ගියා... හැමදාම ඉස්කෝලෙ ආවා ක්ලාස් ගියා කොහෙහරි ඇවිදින්න ගියා.....ඔය අතරේ ආඛ්‍යාන් අයියාවත් මූණට මූණ හම්බුණත් අපි ට ඉතින් මහා ලොකුවට කියල කතාකරන්න දෙයක් තිබ්බෙ නෑ..... හැබැයි අපි වෙනදට වඩා නම් සුහදශීලී විදියට හිටියා කියල මට හිතෙනවා.. ඉස්කෝලෙ වැඩ ගොඩගැහුණා ඒක වුණේ එකපාරටම වගේ... මැත්ස් වලින් තමා පටන් ගත්තේ....ඊට පස්සෙ සිංහල විචාර ලියන භීෂණයක් පටන් ගත්තා....එහෙම්ම සයන්ස් ... හිස්ට්‍රි.... අයි ටී.... තනිකර පිස්සුවක්.... මේ දවස් ටිකට උන විශේෂයක් තිබ්බ නම් ඒ මට ෆෝන් එකක් හම්බුන එක....අම්මා ගෙයි තාත්තාගෙයි සෙවන්ටීන්ත් ඇනිවසරි එකට තාත්තා අම්මට අලුත් අයි ෆෝටීන් ප්‍රෝ මැක්ස් එකක් ගිෆ්ට් කලා.. මට අම්මගෙ ඒ සීරො ත්‍රී එක හම්බුනා.. ඒක ත් අවුරුද්දක් විතර පරණ... මම ඉතින් පෙරේදා ස්නැප් ඉන්ස්ට ස්කයිප් වට්ස් ඇප් ටෙලිග්‍රෑම් ඔය සේරම හදාගත්තා... එෆ් බී නම් හැදුවෙ නෑ නෑයො වේයො සේරම ඉන්න හන්ද.. විශේෂෙන් ම වයසක උදවිය...අපො....මහ පාන්දර මල් එවන්නයි ගුඩ් මෝනින් ස්ටිකර්ස් එවන්නයි ගත්තම ඕක වසංගතයක් වෙන්න ගන්නව ..

                   මම ඉත්තෑකූරු ඇනෙන නිසා ෆෝන් එකෙ මණ්ඩුකාණෝ ඉන්නවද කියල චුට්ටක් හොයල බැලුවා ඉතින්

ඒත් මුළු නම......ඒක මතක නෑ මට.... මම ශේප් එකෙ ගියා ඉස්කෝලෙ පේජ් එකට අනිවාරෙන් ඕකාගෙ නම ඇති නෙ ඕකෙ..ටිකිරි මාරි කන හන්දා හොඳයි ඉතින්....ඉඳල හිටලා රත්ති පාරකුත් ගහනව නෙ ඉතින්...ගැම්මක් තමා විවේදයො..

ඉස්කෝලෙ පේජ් එක උඩ පහළ යද්දී මම දැක්කේ ස්කූල් බෑන්ඩ්ස් වලින් තිබ්බ කම්පිටිශන් එහෙකින් අපෙ ඉස්කෝලෙ චැම්පියන්ශිප් ගත්තු එකට දාලා තිබ්බ පෝස්ට් එකක්..... ආ .....ඔය ඉන්නේ බෑන්ඩ් ලීඩර්.... අපෙ බැන්ඩ් කොස්ටියුම් එකට මන් ආසයි වයිට් කලර්.... ඒක නිකම් එයාෆෝස් එකෙ යුනිෆෝම් එකට ළඟින් යනව වගෙ හන්දා හෙන ගැම්මක් දැනෙනව..

ශ්....ශවු.....ර් ....... මේ මොන හුයන්නක් ද.... කවුද යකො මුට නම දාපු ගොටුකොළ කෑඳැත්තා...!!!! කියවගන්න පුලුවන් නමක් දාන්නයි එක්කො...බලහන්කො වාසගමේ ඉඳන් තියෙන්නේ කියෝගන්නම බැරි හත්තිලව්වක් නෙ !

snow drops ❄️ ~ 𝐿𝑒𝓉 𝓂𝑒 𝒻𝓇𝑒𝑒𝓏𝑒 𝓎𝑜𝓊𝓇 𝒽𝑒𝒶𝓇𝓉 ~Where stories live. Discover now