45

107 13 6
                                    

"සයන්ස් සෙන්ටර් එකේ තියනවා... එතකොට තිග්මා... ඒ එක්කම ගෲප් ක්ලාසස් ටිකකුත්  තියනවා මේ යටින් ලියලා තියෙන්නේ ඒ සර්ලා මිස්ලා ගෙ නම්..ඔය සේරම අය පේපර් මාකින් යනවා.. ගෲප් ක්ලාසස් ටික හොයාගත්තේ මේ පාර රෑන්ක් ශුවර් කට්ටියගෙන්."

ආඛ්‍යාන් අයියා එක හුස්මට කියාගන යද්දි මම මොකාදෝ එකා වගේ විස්තර ලියලා තිබ්බ පොත දිහා බැලුවා...

" ඔයාලගෙ රිසාල්ට්ස් මේ සතියේ එයි නේද ?"

" ම්ම් හුඟක් දුරට අද රෑ .... ඔයාට තක්කෙටම දැනගන්න පුලුවන් එතකොට ?"

" ම්ම් ඔව්....ඔයාට බය නැද්ද ?"

" ඇයි බය වෙන්නෙ " ආඛ්‍යාන් අයියා එහෙම අහලා හිනා වෙලා පුටුවෙ දිගෑදුණා....

" නෑ ඉතිං . මොනා උනත් පොඩ්ඩක් එහෙම වෙන්නෙපැයි "

" ඒ ලෙවල්ස් කියන්නේ මට සම්පූර්ණ කරන්න තිබ්බ කොලිෆිකේශන් එකක් විතරයි නෙ බෝසිළු ...අනික මම කරපු ස්ට්‍රීම් එකෙන් මට ඕපන් වුණ පාත් එකේ නෙමේ මම දැන් යන්නේ. "

" ආහ්....තේරුණා.! "

" ඔයා ට මම ඉන්නවා නෙ... ඕනම දේකට ...ඔයාට බය නැතුව ඉස්සරහට අඩිය තියන්න පුලුවන්"

" අනිවාරෙන්ම...මේ තරම් ටෆ් ඩිසිශන් එක්කට එන්න ඔයාගෙ පැත්තෙන් මට තියන සපෝට් එකත් හුඟක් බලපෑවා. "

" ඉන්න ටිකේ ගෲප් ක්ලාසස් වලින් ගන්න පුලුවන් සේරම ගන්න "

" ම්ම්...."

අනර්ඝ අයියා ගියායින් පස්සෙ අපිට ආයම නෝමල් ලයිෆ් එකේ වැඩ ගොඩක් එක්ක බිසී වෙන්න වුණා... අනර්ඝ අයියා ගියායින් පස්සේ වත්සුක දවස් දෙක තුනක්ම යනකම් ඒකට හුරු වෙන්න සෑහෙන්න මහන්සි වුණා....  ඌත් තේරුම් ගත්තා මේක නොයා බැරි ගමනක් කියලා. දැන් ඌ බයෝ වලට ක්ලාස් යනව . ක්ලාසස් පටන් ගත්තා ගිය සතියෙම. ඒ ගමන් ම ඌ ඉස්කෝලෙ ප්‍රොබේෂියන් ප්‍රිෆෙක්ට් කෙනෙක් විදීයට වැඩ කරන්න ඇප්ලයි කලා.. ඒ අතරේ අපිටත් අර්බුදේකට මූණ දෙන්න වුනා. තාත්තා ට කන්සාල්ටන්ට් එක්සෑම්ස් වලට යූ.කේ වලින් වේකන්ස් ඇවිල්ලා... ඒත් යනවනම් අවුරුදු දෙක්කට විතර ඉන්න  යන්න වෙන නිසා අපි තුන්දෙනාම එහෙට යන එක ගැන කල්පනා කරන්න වුණා... අම්මාත් එහෙන් මාස්ටර්ස් කරගන්න පුලුවන් කියලා කිව්වාම ඊළඟට ලොකුම ප්‍රශ්නෙ වුණේ මගෙ වැඩේ. මොකද මම මෙච්චර කාලයක් කලේ ලෝකල් සිලබස් නිසා මම ලන්ඩන් ඒ ලෙවල්ස් වලට මාරු වෙන වැඩේ ගැන වැඩ කැමැත්තක් පෙන්නුවේ නෑ... ඉතිං මම තීරණය කළා  අවුරුද්දක් කලින් ඒලෙවල්ස් කරන්න. ඒ කිව්වෙ එහෙ ගිහිං එහෙ ඉඳන් ඉගනගන මෙහෙ ආයම ඇවිත් ලියන්න. මම මුලදි නම් මේකට අප්සට් එකේ හිටියත් පස්සේ ආඛ්‍යාන් අයියා කිව්වේ මේ චාන්ස් එක මිස් කරගන්නෙපා කියල. මොකද එයාගෙත් සකන්ඩ් 'යර් එකෙන් පස්සෙ ඩිග්‍රි එකේ ඉතුරු ටික කම්ප්ලීට් කරන්න තියෙන්නේ යූ.කේ වල හන්දා . මෙහෙ යුනි එක අනුබද්ධ බ්‍රාන්ච් එකක් විතරයි

snow drops ❄️ ~ 𝐿𝑒𝓉 𝓂𝑒 𝒻𝓇𝑒𝑒𝓏𝑒 𝓎𝑜𝓊𝓇 𝒽𝑒𝒶𝓇𝓉 ~Where stories live. Discover now