" මොන #&*ක් ද අයියෙ අරූට වෙලා තියෙන්නෙ..... ? මේ දැන් නම් මට තරහ යනව හරිද "
මම ඉඳගන හිටිය පඩිපෙළෙන් දොහ් ගාලා බිමට පනිද්දි ම අනර්ඝ අයියා මාව නතර කරගත්තා..
" ඔන්නොහෙ ගියදෙන් බං.... ඉන්න දීපන් ඕකට "
" යකො මන් මොකද්ද කරපු වැරැද්ද ?"
"හරි හරි උඹ මුකුත් කලේ නෑ..මේ දවස් වල ඌ ප්‍රශ්න ගොඩක ඉන්නෙ බං..... "
" ඒකනම් මටත් පේනව....බූටක් කෑහම තමා ඔහොම වෙන්නෙ ?"
" ඒ කොහොමද එහෙම කියන්නෙ..?"
"ඇයි අර වම් අත වෙලාන හිටියෙ ගෝස් වලින්... මූ අත කපාන නෙ... කෙල්ලො බූට් තිබ්බම ඕවගෙ මාන්දමික සිතුවිලි පහල වෙනවලු "
"තෝ හිතුවෙ අපේ එකා අටවසරෙ ප්‍රාතමිකයෙක් කියලද..උට ඇති කෙල්ලක් නෑ "
" එහෙනම්... ?"
" උඹට ඕන්නං ගිහින් අහගනින් "
" ඉතින් තෝ මට යන්න දෙන්නෑ නෙ රෙද්ද "
" පස්සෙ අහපන්..දැන් නෙමෙ..."
" ඇයි අනෙ මූ මෙහෙම....දැන් ඔය කොහාට්ටද ගියෙ මලහෝන්තුව....සංදේශි අයියායි සන්තූර් අයියායි කෝ?"
" සංදේශ් ප්‍රැක්ටිස් නෙ බං... සන්තූර් ඉන්ට්‍රැක්ට් එකෙ වැඩකට ගියා... "
"ආහහ්හ්හ්"
මම එතනින් නැගිටලා පස්ස පිහදගත්තා... පස්ස පිහිදුවා කිව්වෙ ඉතින් කලිසමේ දූවිලි ටික ගසලා දැම්මා...
" මන් යනව...ඕගොල්ලොන්ගෙ අඬෝවැඩියා බලනවට හරි නම් මට කීයක් හරි දෙන්නෝන "
" පලයන් ඇටයො යන්න !!"
" යනව තමා !!"
අනර්ඝ අයියා පඩිපෙළේ ම ඉඳගන ඉද්දි මම එන්න ආවා..... වත්සුකයා හරි නම් මේ වෙද්දි ටොයිලට් එකෙන් එළියට ඇවිත් ඉන්න ඕන...උගෙ චූ බර හන්දා නෙ මෙච්චර දෙයක් උනෙ.... මම ඌවඑතන ම හලලා ගියා...අනර්ඝ අයියාට ටෝක් කරන්න චාන්ස් එකක් දෙන්නෙපැයි....මම ආයම හැරිලා අනර්ඝ අයියා දිහාවට ඇහැක් ගහද්දි ඌ මට සැලියුට් එකක් දුන්නා...
එන්නෙ නැතෑ එන වෙලාවක පෙම් කෙලලා.....
මුන්ගෙ තර්ඩ් වීල් එක වෙලා මම කන රැග් !!!!
YOU ARE READING
snow drops ❄️ ~ 𝐿𝑒𝓉 𝓂𝑒 𝒻𝓇𝑒𝑒𝓏𝑒 𝓎𝑜𝓊𝓇 𝒽𝑒𝒶𝓇𝓉 ~
Kurgu Olmayan'ආදර කතා පුරාවෘත වෙන්න ජීවිතයම පූජා කරන්න ඕන නෑ බෝසිළු... අපේ කතාව වෙනුවෙන් මම මගෙ ආත්මෙම භාර කරල ඉවරයි ~'