හිත කියන්නේ මහ පුදුමාකාර තැනක්... හිතේ මිනිස්සු අරක්ගන්නෙක කොයි තරම් භයානකද කියලා ආඛ්යාන් ට තේරුණේ බෝසිළු ව හිත පුරා ඇඳගන ත් ඉවර වුණාට පස්සේ
' ආදරේ ' කියන්නේ ආඛ්යාන් ගේ ජීවිතේ අහලකවත් තිබුණු මාතෘකාවක් නෙමෙයි.....සිව් මිතුරු කණ්ඩායමේ නිශ්ෂබ්ද ම , අහංකාරම කොල්ලා වුණේ ආඛ්යාන් ....ආඛ්යාන් ට ගෑණු ළමයින්ගෙ අවධානෙ එන්න එන්න වැඩි වුණේ ඉස්කෝලෙ ට්‍රේනී පීරියඩ් එක ඉවර කරලා ඩිපියුටි හවුස් කැප්ටන් විදියට වගෙම ඉන්ටර් - ස්කූත් ඇත්ලටික්ස් ඉවෙන්ට්ස් වල චැම්පියන්ශිප් යද්දී ..... සමහර ගෑණු ළමයි ආඛ්යාන් ගැන ඉන්නේ කොයිතරම් නම් උනන්දුවකින් ද කිව්වොත් දවසක් හැමෝම ඉස්සරහ කෙල්ලෙක් ආඛ්යාන් ගෙ අතින් අල්ලලා කැමැත්ත ප්‍රකාශ කළා.... එදා ආඛ්යාන් ට දැනුනේ පුදුමාකාර අපහසුවක්...ආඛ්යාන් ගැහැණු කෙනෙක් ට කියලා ලං වෙලා තියෙන්නේ අමන්ධ්යාට විතරයි...... අම්මා එක්ක වුණත් ඒ හැටි එකතුවක් නැහැ... අම්මාට ආඛ්යාන් ගැන බලන්න වෙලාවක් තිබ්බෙත් නැහැ....
යාලුවො හැමෝම ඉන්ස්ට එකවුන්ට්ස් පබ්ලික් කරලා අහළ පහළ ගර්ල්ස්' ස්කූල් වල කෙල්ලොන්ගෙ අවධානෙ කොච්චර ගත්තත් ආඛ්යාන් ට ඒක දැනුනේ පුදුමාකාර අපහසුවක් වගේ...
ඉතිං ආඛ්යාන් ට පහසුම දේ වුණේ කුප්රකටව ජීවත් වෙන එක...
ආඛ්යාන් ගෙ මේ සීතල චරිතේ , කළු ඇස් , කැරලි තද කළු ඝනකම් කොණ්ඩේ , ටෑන් කලර් ස්කින් එක.... ගෑණු ළමයිගෙ හිත් වල එකපාරින් ම කාවදින්නේ කිසිම ආයාසයක් නැතුව...
අනික....එයාගෙ උස !!!!
කෙල්ලො ආඛ්යාන් ට ම ඇහෙන්න කියන ඒවගෙන් වුණේ ආඛ්යාන් තව තවත් අර සීතල බැල්මෙන් පිච්චෙන්න තරමට සීතල විදියට බලලා ඒ කෙල්ලොන්ගෙ කටවල් වහන එක....
ආදරේ කියන්නේ ඒ වයසට හරිම ලස්සන හැඟීමක්... සංදේශ්ට තමා මුලින්ම ගෑනු ළමයිගෙ අවධානෙ හම්බවෙන්න ගත්තේ.. පොඩි කාලෙ ඉඳන්ම ක්‍රිකට් ටීම් එකේ ජනප්‍රිය තරුවක් නිසා සංදේශ් ට අහළ පහළ බාලිකා පාසල් වලින් තිබුනේ පුදුමාකාර ඉල්ලුමක්.... බිග් මැච් කාලෙට සංදේශ් ගෙ නම ඇහෙන්නෙ නැති තැනක් නැහෑ.. හැබැයි සංදේශ් ට මේවා කිසි දේක තැකීමක් තිබ්බෙත් නැහැ... පස්සෙ සන්තූර් , අනර්ඝ , ආඛ්යාන් ඉස්කෝලෙ සීනියර් බෝඩ් එකෙ ඉන්න නිසා වගෙම වෙස්ටර්න් බෑන්ඩ් එකෙ ඉන්න නිසාත් , ක්ලබ්ස් වල වගෙම ස්පෝර්ට්ස් වලදිත් කැපිලා පෙනුනු චරිත නිසාත් අහල පහළ පාසල් වල කවුරුත් දන්න චරිත වුණා....

YOU ARE READING
snow drops ❄️ ~ 𝐿𝑒𝓉 𝓂𝑒 𝒻𝓇𝑒𝑒𝓏𝑒 𝓎𝑜𝓊𝓇 𝒽𝑒𝒶𝓇𝓉 ~
No Ficción" අන්තිම හුස්ම වෙනකම් ම මට අඩුවක් නැතුව ආදරේ කරන්න ඕන.!"