"හාහ්..?" චිරාත් උත්තර දීගන්නවත් බැරුව ගොලු වෙලා ඉද්දී ආදිත්ය ඇහුවා..
"ඔව්.. සර්ට හොඳටම තරහ ගිහින් ඉන්නේ.. අයිටම් එක කැන්සල් කරලා අන්තිම මොහොතේ.. හොඳ වෙලාවට දැන් සති දෙකකට විතර කලින් එයා ඩුවට් එකෙන් අයින් වෙලා සෝලෝ එකකට මාරු වුනේ.. නැත්තම් එයාගේ පාට්නර්ත් අමාරුවේ.. ඒ මොනවා වුනත් කිසිම වගකීමක් නැහැ දැන් කාලේ ළමයින්ට.."
"නැහැ වෙන්න බැහැ අයියා ඒ වගේ දෙයක් කළා වෙන්න බැහැ.. එයා කීයටවත්ම එහෙම කරන කෙනෙක් නෙමෙයි.."
"මොකද වෙන්න බැරි.. ඔය වෙලා තියෙන්නේ.."
තවත් එතන ඉඳලා තේරුමක් නැති තැන ආදිත්ය පිස්සෙක් වගේ නිර්වාන්ගේ නම්බර් එක ඩයල් කරන චිරාත්වත් ඇදගෙන වාහනේ පැත්තට ගියා..
"චිරාත්..!!"
ඇකඩමි එකෙන් එලියටවත් යන්න හම්බුනේ නැහැ..
"නතාෂා අක්කේ.. ඕකට දැන් වෙලාව නෙමෙයි.. පොඩි අවුලක ඉන්නේ අපි.. පස්සේ කතා කරමු.." ආදිත්යට ඕන වුනේ චිරාත්ව එතනින් අරන් යන්න..
"නැහැ..!! අද තමයි හරිම දවස.. මේ තමයි හරිම වෙලාව.."
"නතා--"
"ඩී.. කියන්න දීපන්.." චිරාත් ෆෝන් එක සාක්කුවේ දාගෙන නතාෂා දිහා බලන් හිටියේ හරිම හිස් බැල්මකින්..
"තමුසේ තමයි නිර්වාන්ගේ ජීවිතේට ආපු මූසලම මනුස්සයා චිරාත්.. ඔයා ආවයින් පස්සේ නිර්වාන්ට එයාගේ හැමදේම නැති වුනා.."
"නතාෂා අක්කේ..!!!"
"නෑ.. ඩී.. කියන්න දීපන්.. මෙයා ගොඩක් කල් ඉඳන් කියන්න හිතාගෙන ඉන්න ඒවා අද කියන්න දීපන්.. මොකද මේ අන්තිම චාන්ස් එක වෙන්න පුළුවන් මෙයාට ඕක ගැන මාත් එක්ක කතා කරන්න පුළුවන්.."
ආදිත්ය හිතට ආපු තරහට වාහනේ දිහාවට යන්න ගියේ මෙතන හිටියොත් නතාෂා එයාගෙන් මැරුම් කන බව දන්න නිසා..
"හරි.. කියන්න.." ආදිත්ය යන දිහා බලන් හිටපු චිරාත් ආයෙම හැරුනේ නතාෂා දිහාවට..
"ඕනවට වඩා ස්මාර්ට් වෙන්න හදන්න එපා චිරාත්.. මට අප්පිරියයි ඔයාගේ මේ බොරු කයිවාරු.."