44 වන දිගහැරුම 🤍

1.3K 264 43
                                    

වොෂ් දාගෙන කාමරේට ආපු වෙලාවේ ඉඳන් චිරාත් කලේ ලැප්ටොප් එක දිග ඇරගෙන මොනවදෝ සර්ච් කරපු එක.. තව ටිකකින් සේලයින් එක ලෑස්ති කරන්න හොස්පිට්ල් එකෙන් එන නිසා එතන හරියට ඉඩ තියනවද බලපු චිරාත් අල්මාරිය ඇරලා එක තට්ටුවක තිබ්බ එයාගේ ඇඳුම් සම්පුර්ණයෙන්ම අයින් කරලා ආදිත්‍ය ගෙනාපු නිර්වාන්ගේ ඇඳුම් එකින් එක නවලා ඒ තට්ටුවේ අඩුක් කළා..

මේ සේරම කරනකන් චිරාත් නිර්වාන් දිහාවට එක බැල්මක්වත් දුන්නේ නැහැ... නිර්වාන්ගේ තුවාල පැල්ලම් තියන මූණ, අත පය දකිද්දී හිතේ තියන කේන්තිය දුක සේරම ආයේ ආයේ අලුත් වෙනකොට මහ හයියෙන් කෑ ගහලා ඒ සේරම පිට කරගන්න ඕන කියලා හිතුනත් පුදුම තරමේ අමාරුවකින් ඒ සේරම ඉවසගෙන ඉන්නවා හැර චිරාත්ට වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ..

මොනවම හරි නපුරු දෙයක් වුනා නම්..?

ආහ් සුදු අයියේ..? මොනවම හරි නපුරු දෙයක් වුනා නම් මම මොකද්ද කරන්නේ..? මට දැන් ඔයා නැතුව ජීවත් වෙන්න තේරෙන්නේ නැහැ කියලා එච්චර කියලා තියෙද්දිත් ඇයි මට එහෙම ගින්දරක් දුන්නේ..? පැය ගාණක් තිස්සේ ඔයාව හොයලා හොයලා ඔයා ගැන කිසිම හෝඩුවාවක් නැති වෙද්දී.. ඒ සේරමත් තියලා කාගේදෝ බොඩි එකක් ඔයාද කියලා අදුරගන්න කියලා පොලිසියෙන් මට කියද්දී.. මම හිත ඇතුලෙන් විඳපු වේදනාව දන්නේ මං විතරයි.. මේක පිස්සුවක් වෙන්න ඇති.. මම පිස්සුවෙන් වගේ ඔයාට ආදරේ කරනවා වෙන්න ඇති.. ඒත් මම ඒ පිස්සුවට ආදරෙයි..! ඉතින් ආයෙමත් කාටවත්ම බැහැ ඔයාව මගෙන් තප්පරෙකටවත් ඈත් කරන්න.. ඔයාටවත් බැහැ..!

"හරි ඩොක්ටර්.. ම්ම්.. එහෙම නේද..? කමක් නැහැ.. ඒක ප්‍රශ්නයක් නැහැ.. අපි එක්කගෙන එන්නම්.." ෆෝන් එකත් කණේ තියාගෙන මහසෙන් කාමරේට ආවේ තද නින්දේ ඉන්න නිර්වාන් දිහාවට බැල්මක් දීගෙන..

"ඇයි අප්පච්චි..?" චිරාත් හිටියේ නිර්වාන්ගේ ඊළඟ ගන්න බෙහෙත් ටික තෝරන ගමන්..

"මේ.. අද නිර්වාන්ගේ බවල් සවුන්ඩ්ස් චෙක් කරද්දී කම්ප්ලිකේෂන්ස් ආවාද..?"

"ම්ම්.. ඔව් පොඩි එකක් තියනවා කිව්වා.."

"හ්ම්ම්.. ඒ නිසා සේලයින් ගෙදර දෙන්න එපා කිව්වා.. එක්කන් එන්න පුලුවන්ද ඇහුවා.."

තිත්ත කැපචිනෝ | OngoingOnde histórias criam vida. Descubra agora