13 වන දිගහැරුම 🤍

2K 311 117
                                    

"මහත්තයෝ.."

නිර්වාන් එහෙම කියද්දී චිරාත්ගේ හිත ගැස්සෙනවා.. හේතුවක්..? නිර්වාන් නිසා සිද්ද වුන, සිද්ද වෙන කිසිම දේකට හේතුවක් චිරාත් දන්නේ නැහැ..

"ම්ම්..?"

"පපුව ළඟ තියලා හූල්ලන්න එපා මැණික.." නිර්වාන්ගේ ඇඟිලි හරිම පරිස්සමට චිරාත්ගේ හිසකෙස් අතර දුවනවා..

චිරාත්ගේ මූණ තවමත් නිර්වාන්ගේ බෙල්ල පාමුල.. දැන් විනාඩිම කීයක්ද..? දවස් ගානක් තිස්සෙම තමන්ගෙන් ඈත් වෙලා තිබ්බ උණුහුමට පලිගන්න වගේ චිරාත් උණුහුම ටිකක් හරි අඩුයි කියලා දැනෙන වාරයක් වාරයක් ගානේ නිර්වාන්ගේ බෙල්ලට මූණ තද කරනවා..

වැස්ස කොහොමත් දැන්ම තුරල් කරන්නේ නැහැ.. එහෙම තුරල් කලත් ආයෙම තව ටිකකින් මහ හයියෙන් කඩාගෙන හැලෙනවා.. අකුණු ගහන එකේ අඩුවකුත් නැහැ.. නිර්වාන් ඒ අකුණු සද්දෙට ලාවට ගැස්සෙන එකේ අඩුවකුත් නැහැ..

හදිසියේම චිරාත් කලබලෙන් නිර්වාන්ගෙන් ඈත් වුනා..

"අ.. ආත්ම.." ඔන්න ආයෙමත් නිර්වාන්ගේ හිත සී සී කඩ යන වෙලාව..

ඒකට උත්තර නොදුන්න චිරාත් නිර්වාන්ව අතැරලා කාමරේ දොර දිහාවට ඇවිදගෙන යද්දී නිර්වාන් බර හුස්මක් පහතට දාලා ඒ දිහාව බලන් හිටියේ හරියට මේක බලාපොරොත්තු වුනා වගේ..

ඒත් චිරාත් දොර ලඟින් නැවතිලා කාමරෙන් එලියට ඔලුව දාලා බලලා දොර වහද්දි, ඊටත් වඩා යතුරත් දාලා, මදි පාඩුවට උඩ අගුලත් දාද්දී නිර්වාන් ඒ දිහා ඇස් දෙක පුදුමෙන් ලොකු කරගෙන බලන් හිටියා..

"දවස් දෙකක් තමුසේ කොහෙද ගියේ..? ඇඳගෙන හිටපු අත් දිග ටී ෂර්ට් එකේ අත් දෙක වැලමිට ගාවට නව නව අඩියෙන් අඩිය නිර්වාන් ගාවට එන ගමන් චිරාත් කලේ නිර්වාන්ගේ නලලෙන් පටන් අරගෙන ඉණ ගාවටම ඇස් අරගෙන ගිය එක..

"අ.. ආත්ම..?" නිර්වාන්ගේ කටහඬ ගැහෙන්න ගත්තේ හදිසියේ වෙනස් වුන චිරාත්ගේ ඇස් වල තිබ්බ බැල්ම දැකලා..

"ම්ම්ම්..? කොහෙද ගියේ..?"

"ම..මම.. පවිත්‍රගේ.. ගෙදර--"

"මම බලන් ඉන්නවා කියලා දන්නේ නැද්ද..? ම්ම්..?"

"ආ..ත්..ම.."

තිත්ත කැපචිනෝ | OngoingTempat cerita menjadi hidup. Temukan sekarang