78 වන දිගහැරුම 🤍

1.3K 285 72
                                    

"හාහ්..?"

නිර්වාන් කියපු දේ අහන්නවත් සිහියක් නැතුව චිරාත් හිටියේ බය හිතෙන තරම් සුදුමැලි වෙච්ච නිර්වාන්ගේ වෙවුලන තොල් දිහාව බලාගෙන..

"රිසාල්ට්ස්.. රිසාල්ට්ස්.."

ආදිත්‍ය හරි සිහියට ආවාම මිමිණුවා..

"සුදු අයියේ..!!!!!"

තප්පර පහක්වත් යන්න හම්බුනේ නැහැ චිරාත් නිර්වාන් දිහාවට පැන්නේ ඒ වැටුන විදියට වැටුනා නම් නිර්වාන්ගේ ඔලුව කෙලින්ම වදින්නේ ඇඳ කොණේ බව දැනගෙන..

සිහි නැතුව ඇදගෙන වැටුන පාරට අතේ තිබුන ටැබ් එක ඇඳ අස්සට විසි වෙලා යන සද්දේ ඇහෙද්දී තමයි ආදිත්‍යටත් වචන මතක් වුනේ..

"සුදූ..!!!"

"ඩී.. වතුර අරන් වරෙන්.."

දෙන්නටම දැන් ආයේ සිහියක් නැහැ.. රිසාල්ට්ස් ගැන කොහොමටවත් සිහියක් නැහැ..

ආදිත්‍ය අරගෙන ආපු කෝප්පෙන් වතුර මූණට ඉස්සත් නිර්වාන්ගෙන් ප්‍රතිචාරයක් තිබුනේ නැහැ..

"ෂිට්.. ෂිට්.. අපිට දැනගන්න තිබ්බා මේක මෙහෙම වෙනවා කියලා.. මට.. නින්ද ගියේ කොයි වෙලේද..??"

චිරාත් එයාටම සාප කරගන්නවා..

"සුදූ ඔලුව අතගෑවනේ බං.. කෝ කම්මුලට තට්ටු කරපන්.. සුදූ..! සුදූ..!!"

ම්හ්.. සද්දයක් නැහැ..

පිස්සුවෙන් වගේ නිර්වාන්ට හුස්ම වැටෙනවද බලපු චිරාත් ඊළඟට කලේ පපුව ගැහෙනවද, නාඩි වැටෙනවද බලපු එක..

ඒ කරද්දීත් චිරාත්ට හුස්ම ගන්න මතක නැහැ..

"මේ 1990 කෝල් කරපන්කෝ..!!! ඇම්බියු--"

"ආ..ත්..ම...!"

ඒ පුදුම තරමේ දුර්වල කටහඬ ඇහෙද්දී තමයි චිරාත්ටයි ආදිත්‍යටයි ආයෙම හුස්ම වැටෙන්න පටන් ගත්තේ..

"සුදු අයියේ..! දෙ..දෙයියන්ගේ නාමෙට මෙහෙම කරන එක න්..නවත්තන්න..!!!"

චිරාත්ටම පාලනය නැතුව ගිය කඳුළු බින්දුවක් නිර්වාන්ගේ කම්මුලක් උඩට වැටෙද්දී..

"ඒ..ඒක.. ආදි.. ඔයා.."

"මේ පිස්සුව නවත්තන්න සුදු අයියේ..!! මෙහෙම අපි මත්තේ නැහෙන පිස්සුව නවත්තන්න..!!!"

තිත්ත කැපචිනෝ | OngoingDonde viven las historias. Descúbrelo ahora