51 වෙනි දිගහැරුම 🤍

1.7K 267 85
                                    

රෑ දෙගොඩහරියක් වෙනකන්ම නිර්වාන්ගෙන් මත් වුන චිරාත් උදේ තුනේ කණිසම වැදෙද්දී හතරවෙනි වටයත් ඉවර කරලා තිබුණේ.. චිරාත්ව දරන්නම බැරි තැනකදී ඇඳ ඇතිරිල්ල මිරිකගෙන ඉවසගත්ත නිර්වාන්, නියපටකින්වත් හීරෙන්න නොදී චිරාත්ගේ ඇඟේ තිබ්බා නම් තිබ්බේ ආදරේ දරන්නම බැරි වුන වෙලාවක හාදුවක් විතරමයි..

"කිසිම අනුකම්පාවක් නැතුව මම මගේ සුදු අයියව රිද්දනවා නේද..?" හතරවෙනි වටේ ඉවරයක් වෙද්දී නිර්වාන්ගෙන් පිට වුන වේදනාත්මක කෙඳිරියට චිරාත්ගේ පපුව ඇදුම්කන්න ගත්තා..

"ඔයා ඔහොම පිස්සුවෙන් වගේ ඉස්පාසුවක් නැතුව මගේ ඇඟ උඩ දඟලද්දී මට මෙච්චරම සතුටක් දැනෙන්නේ ඇයි කියලා කියන්න මම දන්නේ නැහැ මහත්තයෝ.. මම ඔයාගෙනෙ.. මම අයිති ඔයාටනෙ.. ඉතින්.. ඔයාට ඇති හිතෙන තරම් මං නිසා ඇවිලෙන්න.. මගෙන් මත් වෙන්න.. මගෙන් සැනසෙන්න.. මගෙන් නිවෙන්න.."

"ඔහොම ආදරේ පුරවගෙන මං දිහා බලන්න එපා සුදු අයියේ.. ආයෙමත් මුල ඉඳන්ම ඔයාව රස බලන්න ඕන කියන තරමටම මගේ හිත ඇවිලෙනවා එතකොට.." නිර්වාන්ගේ නළලට හාදුවක් තියපු චිරාත් නිර්වාන්ගේ පපුවට මූණ ඔබාගනිද්දී..

"ඇතිද මගේ මහත්තයට..?" නිර්වාන් කලේ චිරාත්ගේ සිනිඳු කොණ්ඩේ අස්සෙන් ඇඟිලි අරන් ගිය එක..

"ම්හ්හ්.. ඔයාව කොච්චර රස බැලුවත් මදි මට.." කොණ්ඩේ ඇඟිලි අතරින් යන සනීපයටදෝ චිරාත්ගේ ඇහැ පියවෙනවා..

"එන්න ඉතින් එහෙනම්.. ඔයාට ඇති හිතෙනකන් ඒක කරන්න.."

"එපා.. මට දැන් වෙන වැඩක් තියනවා.."

"ම්ම්..?"

නිර්වාන්ට ආයෙම හාදුවක් තියලා චිරාත් කලේ ඇඳෙන් නැගිටලා ගිහින් බ්ලෙසර් එක අතට ගත්ත එක..

නිර්වාන් දුන්න හාර්ට් ලොකට් එකක් තියන සිල්වර් කලර් චේන් එක..!

ඉතින් චිරාත් හෙමිහිට ලොකට් එක ඇරලා බැලුවේ මොනවද ඒක ඇතුලේ තියෙන්නේ බලන්න..

"සුදු අයියේ..!!!" චිරාත්ගේ ඇස් දිලිසෙනවා..

"හ්ම්ම්..??" නිර්වාන්ගේ ඇස් ඊට වඩා දිලිසෙනවා..

තිත්ත කැපචිනෝ | OngoingМесто, где живут истории. Откройте их для себя