"ආදි.. ආ..ත්..ම.. ක්හැක්.. ක්හැක්.. ආත්ම නෑ.."
"සුදූ ඔහෙට යන්න එපා.. ඉන්න මම බලන්නම්.. ඔයාගේ තුවාලේ පැරෙයි බලාගෙන.."
කලබලේම සාලේ දිහාවට ගිය ආදිත්ය පිටිපස්සෙන් නිර්වානුත් ගියා..
දුම එන්නේ කුස්සියෙන්..!
කුස්සිය ඇතුල තද තැඹිලි පාටට පෙනෙද්දී නිර්වාන් නම් මගදීම වෙලා තියන දේ තේරුම් ගත්තා..
"හුකනවනේ..! යකෝ චිචී..!!!!"
ආදිත්යට කෑ ගැස්සුනේ වතුර කෝප්පයක් තියාගෙන තෙල් තාච්චිය ගාව ඉන්න චිරාත් දැකලා..
"ආදි..!! ක්හැක්.. ක්හැක්.. මොකද මේ කතා කරන විදිය..?"
"ස්..සුදූ.. ක්හැක්.. මගුලක් කතා කරනවනේ.. කලබල.. ක්හැක්.. වෙන්නයි, මැනර්ස් තියාගන්නයි දෙකක් බැහැ.. මූ අපිව පණ පිටින් ගිනි තියන්න හදන්නේ..!!!! ක්හැක්.. ක්හැක්.."
ආදිත්යගෙයි නිර්වාන්ගෙයි කෑ ගැහිල්ලට චිරාත් කෝප්පේ අතේ තියන් පිටිපස්ස හැරිලා බැලුවා..
"ආත්ම..!"
හරිනේ.. හරිනේ..
දැක්කද..? දැක්කද..?
ඔක්කෝමන්ලා දැක්කද..??
"හුත්තෝ..!! තෙල් ගිනි ගනිද්දී වතුර දාන්නේ කවුද..? සමන්ති මිස් දැක්කා නම් උඹව ආයේ 5 වසරේ ගිනි වර්ග හා නිවන ක්රම පාඩම උගන්නන්න යවනවා..!"
"ආත්ම.. කෝ.. අයින් වෙන්න.. ඔය ගින්දර එන්න එන්නම වැඩි වෙනවා.."
මම දැන් මේ ලැජ්ජාවෙන් බේරෙන්නේ කොහොමද..?
දෙන්නටම සැර කලොත් බය වෙලා මේක අමතක කරලා දායිද..?
අනේ සුදු අයියේ..!!! මගේ නම්බුව..!
තොලත් පවුට් කරගෙන ඇසුත් බෝල කරගෙන චිරාත් ලිප ලඟින් මෙහාට වෙද්දී නිර්වාන් තාච්චිය පියනකින් වහලා ලිප ඕෆ් කළා..
තප්පරයයි..! ගින්න ලෙෆ්ට්..!
කුස්සියේ දොරයි ජනේලෙයි ඇරලා දාපු නිර්වාන් ටික වෙලාවක් එහෙමම ඉඳලා හැරුනේ චිරාත් දිහාවට..
"ඒක.."
චිරාත්ගේ ඇස් තිබුනේ තාච්චිය දිහාවට..