"අම්මා..?"
"යං ඇතුලට.." වටේ ඉන්න මිනිස්සුන්ගේ කසුකුසුව වැඩි වෙද්දී ජානකී චිරාත්ගේ අතකින් අල්ලගත්තා..
චිරාත් පිටිපස්ස හැරිලා බැලුවේ නිර්වාන් දිහාව.. බඩු සේරම එහෙමම වාහනේ ඇතුලේ තියෙද්දිම නිර්වාන්, ආදිත්ය චිරාත් පිටිපස්සෙන් ගියේ දැනටම වෙලා තියන දේ ඉවෙන් වගේ දැනිලා..
"චිරාත්..!" ගේ ඇතුලට යද්දීම මහසෙන් ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිටලා චිරාත් ගාවට ආවේ වෙනදා සැහැල්ලුවෙන් නෙමෙයි..
"අප්පච්චි..? මොකද්ද වෙලා තියෙන්නේ ඇයි මේ මිනිස්සු වටවෙලා..?"
ඊට පස්සේ තිබ්බේ මහා මුසල නිහඬතාවයක්..
"ආච්චි මම්මා නැති වුනා..!"
ආපු ෂොක් එකට අත් දෙක මිට මොලවගෙන චිරාත් මහසෙන්ගේ මූණ දිහා බලන් හිටියා විතරයි.. මොනවද කියන්න ඕන..? මොනවද කරන්න ඕන..? කිසි දෙයක් චිරාත්ගේ ඔලුවට ආවේ නැහැ..
"මොනවා වෙලාද..?" ඒ ආදිත්ය..
"හාට් ඇටෑක් වෙන්න ඕන.. තවම මුකුත් හරියටම දන්නේ නැහැ.."
එයාගේ වටේට ඉන්න හැමෝම කතා කරන හැමදේම චිරාත්ට ඇහෙන්නේ බොඳ වෙලා..
"අපි චිරාත්ව උඩට ගෙනියන්නද..?" කිසිම හැලහොල්මනක් නැතුව ඔහේ හිටගෙන ඉන්න චිරාත්ගේ වැලමිට ලඟින් අල්ලගෙන නිර්වාන් මහසෙන්ගෙන් ඇහුවා..
"හ්ම්ම්.." ජානකී මහසෙන් දිහා බලද්දී මහසෙන් 'යන්න දෙන්න' කියලා ඇස්වලින් කියාගෙන එතනින් ගියේ චිරාත්ට මේ වෙලාවේ තනියම ඉන්න දෙන එක වටින බව දැනගෙන..
"ආත්ම..!" පඩිපෙළ දිහාවට යනවා වෙනුවට ආච්චි මම්මගේ කාමරේ දිහාවට ඉබේම ඇවිදගෙන ගිය චිරාත්ගේ පිටිපස්සෙන් නිර්වාන් යද්දී, ආදිත්ය එලියට ගියේ මොනවා හරි කෙරෙන්න යමක් තියෙනවද බලන්න..
ආච්චි මම්මාගේ කාමරේ ඇතුලට යන්නේ නැතුව ටික වෙලාවක් එතන ඉස්සරහා හිටගෙන හිටපු චිරාත් මිට මොලවගෙන ඉන්න අත් දෙක තවත් තද කරගත්තේ එයාගේ හිතට ඇවිල්ලා තියන වේදනාව තවම පපුව මැද්දේ හිර වෙලා තියෙද්දී..
විනාඩියක් දෙකක් ගෙවිලා යන්න ඇති.. කාමරේ ඇතුලට ගිය චිරාත් කෙලින්ම ගිහින් ඉඳගත්තේ ඇඳ උඩින්..