18 වන දිගහැරුම 🤍

1.7K 276 101
                                    

"ස්‌.. සුදු අයියේ.." චිරාත් ඉන්නේ හොල්මනක් දැකපු ගානට සුදුමැලි වෙලා..

"ඇ..ඇයි..?" අල්මාරියෙන් ගත්ත බෙඩ්ෂීට් එක ඇඳට දාලා නිර්වාන් හිටියේ අලුත් කොට්ට උරයක් කොට්ටෙට දාන ගමන් වෙද්දී හිටි හැටියේ චිරාත් කඩන් පාත් වුන එකට නිර්වාන් ගැස්සිලා චිරාත් දිහා බලන් 'ඇයි' ඇහුවා..

"න්..නැහැ.. මේ.. මේ.. මම ආවේ උදවු කරන්න.." නිර්වාන් දැනටමත් සෑහෙන්නම අස් කරලා ඉවර කාමරේ පුරා ඇස් යවලා චිරාත් කලේ 'ලී පෙට්ටිය' හොයපු එක.."

පේන්න නැහැ..!

ඒ කියන්නේ තාම අල්මාරිය ඇතුළෙද..?

"මට පුළුවන් ආත්ම.. ඔයා ආදි එක්ක ඉන්න.."

"නැහැ.. මම මෙතන ඉන්නම්.." එක පාරටම ගිහින් අල්මාරිය චෙක් කරන්න බැරි තැන චිරාත් බොරුවට කාමරේ වටේ කැරකුනා..

"ම්ම්.." මුකුත්ම නොකියා නිර්වාන් චිරාත්ගේ ටේබල් එක අස් කරන්න පටන් ගත්තේ ඒ වෙද්දීත් ඇඳ සම්පුර්ණයෙන්ම පිළිවෙලට අස් කරලා ඉවර වෙලා..

දැන්මම අල්මාරිය ගාවට ගිහින් බලනවද..? සැක හිතෙයිද..? දැන් ගිහින් ඕක බැලුවොත් මොනවද බලන්නේ කියලා අහයි.. ශේප් එකේ බලනවා.. අආහ්හ්හ්හ්හ්..!!!!! සුදු අයියේ...! මගේ නම්බුව..!

"ආත්ම.. මේ--" නිර්වාන් මොනවා හරි කියන්න යද්දීම චිරාත් ගැස්සිලා ඒ දිහා බැලුවේ 'හරි ඉවරයි' කියලා හිතාගෙන..

"විසික් කරන්න සුදු අයියේ.. ඕවා තියන් හිටියේ විසික් කරන්න.." පිටුපාලා ඉන්න නිර්වාන් පෙන්නුවේ මොකද්ද කියලවත් නොදැක චිරාත් කලබලෙන් මන්තරයක් වගේ මතුරන්න ගත්තා..

"පාස්ට් පේපර්ස් පොත්..? විසික් කරන්න..? ඇයි ..?" අතේ තිබ්බ පොත් ටිකත් එක්ක චිරාත් දිහාවට හැරුන නිර්වාන් ඇස් දෙකත් පුදුමෙන් ලොකු කරගෙන අහද්දී..

"පාස්ට්.. පේපර්ස්.. පොත්..?" චිරාත් නිර්වාන් කියපු දේම රිපීට් කළා..

"ම්ම්.. මේ පොත් ටික මේසේ උඩින් තියන්නද ලාච්චුවෙන් දාන්නද කියලා අහන්න හැදුවේ මම.."

බය කරන්න එපා දෙයියනේ සුදු අයියේ..!!

"මේ..මේසේ.. උඩින් තියන්න.."

තිත්ත කැපචිනෝ | OngoingOù les histoires vivent. Découvrez maintenant