15 වන දිගහැරුම 🤍

2.1K 313 153
                                    

අද ස්විමින් මීට් එක.. හිතුවෙවත් නැති විදියට සීනියර් සෙට් එකත් මීට් එකට ඇප්ලයි කරලා තිබ්බා.. ඇත්තටම දැන් මේක චිරාත්ගේ "The Rebels" ටීම් එකට ජොයින් වෙන මීට් එක නෙමෙයි ස්කූල් ස්විමින් ක්ලබ් එක තෝරන මීට් එක වගේ වෙලා තිබ්බේ.. ඒ නිසාම සීනියර් සෙට් එකෙන් මොනවම හරි දෙයක් කරයි කියලා තමයි චිරාත් හිතාගෙන ඉන්නේ.. හැබැයි නිර්වාන් කිව්වේ 'මුකුත් වෙන්නේ නැහැ ස්ට්‍රෙස් නොවී ඉන්න' කියලා.. කොහොමත් චිරාත්ට මීට් එකට මොනවා හරි කරයි කියලා ස්ට්‍රෙස් නම් නැහැ.. ඒත් මල පැනපු වෙලාවක සීනියර් එකෙක්ට හරි ගහලා සතියක්වත් සස්පෙන්ඩ් කලොත් සුදු අයියාව දකින්නේ නැතුව ඒ සතියම ගෙදරට වෙලා ඉන්න වෙයි කියන සාධාරණ බය එයාට තියනවා.. අන්න ඒකට නම් මිනිහා ස්ට්‍රෙස්..

"මේන් ගෙස්ට් එන වෙලාව හරිද ආත්ම..?" නිර්වාන් තුන් වෙනි වතාවටත් ඇජෙන්ඩා එක චෙක් කරන්න ගත්තා..

"ම්ම්.. 3.30.." බෑග් එක අදින ගමන් චිරාත් මොනවදෝ හොයනවා..

"ඉවෙන්ට් එක ස්ටාර්ට් කරන ටයිම් එක 3.00?"

"ම්ම්.."

"ස්නැක්ස්..?"

"අප්පච්චි ප්‍රින්සිපල් ඔෆිස් එකෙන් තියලා යයි 12ට විතර.."

"ඩ්‍රින්ක්ස්..?"

"අප්පච්චි ගේනවා.."

"හරි.. මැචස් වල ඇජෙන්ඩා එක කෝ..?"

"නිල් පාට ෆයිල් එකේ.."

"කෝච් එනවනේ කලින්..? කෝල් කරලා මතක් කලාද..?"

"මතක් කරන්න ඕනද..? එයි නේ.."

"මතක් කරන්න ආත්ම කෝකටත්.."

"එක්කෝ ඊයේ මතක් කරන්න එපැයි.. දැන් කොහොමද කෝල් කරන්නේ..? තමුසේ මැරෙන්න හදනවනේ ෆෝන් එක ඉස්කෝලෙට ගේන්නෙපා කියලා.. දැන් ඉතින් පරවියෙක් අතේ තමයි පණිවිඩේ යවන්න තියෙන්නේ..?" තවමත් බෑග් එක ඇතුලේ මොනවදෝ හොයන ගමන් චිරාත් පුරුදු විදියටම නිර්වාන්ට කෑගැහුවා..

"ම්ම්.. ඔයා අදත් ෆෝන් එක ගෙනල්ලා ඇත්තේ ආත්ම.. මං කියන දේ අහන දෙන්නෙක් නම් බැරිය.. ඉන්න මම කෝල් කරන්නම්.." 'දැන් මේක උඹේ මීට් එකද මගේ මීට් එකද' නාහා නිර්වාන් කෝච්ගේ නම්බර් එකට කෝල් එකක් ගත්තා..

තිත්ත කැපචිනෝ | OngoingDonde viven las historias. Descúbrelo ahora