27 වන දිගහැරුම 🤍

1.8K 277 46
                                    

"චිරාත්.. අද හවසට මම කිව්ව පාර්ටි එකට යන්න ලෑස්ති වෙලා ඉන්නවා.." උදේ පාන්දර කෑම මේසේදී මහසෙන් චිරාත්ට කිව්වේ තර්ජනය කරන්න වගේ..

"අයියෝ අප්පච්චි.. මට බැහැ අප්පා.."

"මේ.. ඕනවට වඩා බුරුල දුන්නම කරේ නගින්න එපා චිරාත්.. තමුන් ලෑස්ති වෙන්න ඕන හවසට යන්න.. එච්චරයි.. අම්මා අර එමරල්ඩ් කලර් බ්ලේසර් එක ලෑස්ති කරලා ඇති.."

"මම ඔතනට ගිහින් මොනවා කරන්නද අප්පච්චි.. උඩ බලාගෙන ඉන්න තමයි වෙන්නේ.."

"මිනිස්සුන්ව අදුරගන්න චිරාත්.. ඔයාට ලංකාවේ යාලුවෝ කියලා ඉන්නේ ආදිත්‍යයි, නිර්වානුයි විතරයිනේ.. තව මිනිස්සුන්ව අදුරගන්න.. එතනට මිනිස්ටර්ස්ලගේ, ඇම්බැසඩර්ස්ලාගේ ළමයි එනවා.. සෝෂල් සර්කල් එක හදාගන්න.. හැම ජාතියේම මිනිස්සු ඕන වෙන වෙලාවක් තියනවා.."

"මට මිනිස්සු ඕන නැහැ.. මගේ වටේ ඉන්න ටික දෙනා එක්ක මම කම්ෆර්ටබල් අප්පච්චි.."

"චිරාත්.. නිර්වාන්ව පැත්තකින් තියන්න.. එයා ෆ්‍රෙන්ඩ්ස් කියන සර්කල් එකට වැටෙන්නේ නැහැනේ.. එයා ස්පෙෂල් සිනාරියෝ එකක්.. අපි ආදිත්‍යව ගමු.. ඔයාට ආදිත්‍ය කියන්නේ Friend for a lifetime.. මම හරිනේ..?"

"ම්ම්.." චිරාත් 'ඔව්' කියන්න ඔලුව වැනුවා..

"එතකොට එහෙම කෙනෙක්ව ඔයා ඔයාගේ සර්කල් එක ඇතුලෙම තියාගන්න ඕන.. තව ඔයාගේ සර්කල් එකෙන් පිටත් කට්ටිය තියාගන්න චිරාත්.. මොකද සමාජේ ජිවත් වෙනකොට අපිට අපේ කම්ෆර්ටබල් සෝන් එකෙන් එලියට බැහැලා ජීවත් වෙන්න අවස්ථා එනවා.. ඒ වගේ වෙලාවට ඔයාට සර්කල් එකෙන් පිටත් කීප දෙනෙක්ව තියාගෙන හිටපු එකේ වටිනාකම තේරෙයි.."

"හ්ම්ම්.. මට තේරෙනවා අප්පච්චි.. ඒත් මට අද බැහැ.. මට ක්ලාස් එකේ සෑහෙන්න වැඩ මිස් වුනා ස්පෝර්ට්ස් මීට් නිසා.. ඒ ටික කවර් කරගන්නත් ඕන.. ප්ලීස් අප්පච්චි.. අදට විතරක් මාව එක්ස්කියුස් කරන්න.."

"ඔයා මේකට යන්නම ඕන.. මම ආයේ කියන්නේ නැහැ චිරාත්.."

"අප්පච්චි.. මම තනියම ඩිසිෂන් එකක් ගන්න හදන හැම වෙලාවේම මාව ෆෝර්ස් කරන්න එපා.. මගේ ඔපීනියන් එක මේ ගෙදර වැලීඩ් නැහැ කියලා දැනෙන්න දෙන්න එපා.."

තිත්ත කැපචිනෝ | OngoingTahanan ng mga kuwento. Tumuklas ngayon