31 වන දිගහැරුම 🤍

1.4K 276 105
                                    

"ළමයි.. දැන් නම් දීලා ඉවර කරන්න.. සිකුරාදාට තව දවස් කීයද..? දැන් සති තුනක් තිස්සේ මම කියනවා මේක.. මම හොටෙල් එකේ රූම්ස් කියක් ඕනද කියන්නත් ඕන.. කෑමවලට ගාන කියන්නත් ඕන.." සමන්ති මිස් උදේම රෙජිස්ටර් එකේ නම් මාර්ක් කරලා ඉවර වෙලා ට්‍රිප් එක යන ළමයින්ගේ නම් ලිස්ට් එක හදන්න ගත්තා..

චිරාත් හිටියේ හවස තියන ක්ලාස් එකේ කම්බයින්ඩ් පාස් පේපර්ස් ගණන් ටික කරන ගමන්.. ඉවර කරන කරන ගාන ආදිත්‍යගේ පොතේ තියන උත්තර එක්ක චෙක් කරලා හරි වැරදි බලන චිරාත්ට ට්‍රිප් එක ගැන කිසිම උනන්දුවක් තිබුනේ නැහැ..

"ආදිත්‍ය...?"

"යන්නේ නැහැ මිස්.." ආදිත්‍ය උදේ බාස්කට්බෝල් ප්‍රැක්ටිස් ගිහින් තාම ක්ලාස් එකට ඇවිල්ලා හිටියේ නැති නිසා උත්තර දුන්නේ චිරාත්..

"හිරාන්..?"

"එයාට උණ මිස්.. මේ සති දෙකේම ඉස්කෝලෙත් එන්නේ නැති වෙයි.."

"කවීෂ..?"

"එන්නේ නැහැ මිස් මට එල්ලේ මැචස්.."

"චිරාත්..?"

"යන්නේ නෑ මිස්.." ආයෙමත් උත්තර දුන්නේ චිරාත්..

"සචිත්‍ර..?"

"එල්ලේ මැචස් මිස්.."

"හ්ම්ම්.. හරි.. ආදිත්‍ය, චිරාත් යන්නේ නැත්තේ ඇයි..? අනික් යන්නේ නැති අයට සාධාරණ හේතු තියනවා.. ඔය දෙන්නා යන්නේ නැත්තේ ඇයි..?"

ඔන්න චිරාත්ට තරු පේන වෙලාව.. ට්‍රිප් එක දවස් දෙකක් නිසා සුදු අයියව ඒ දවස් දෙකම බලන්නේ නැතුව ඉන්න බැරි නිසා ට්‍රිප් එක යන්නේ නැහැ කියන්නද..?

"ආදිත්‍යට යන්න බැහැ මිස්.." එක පාරම හේතුවක් හොයාගන්න බැරි තැන චිරාත් බොරුව ගොතන්න පටන් ගත්තා..

"ඒක තමයි මම අහන්නේ..? ඇයි යන්න බැරි..? ආදිත්‍යට යන්න බැරි නම් ඔයාටත් යන්න බැරිද..?"

"මිස්.. ඒක හැමෝම ඉස්සරහා කියන්න පුළුවන් දෙයක් නෙමෙයි.. මම මිස්ව ප'සනලි හම්බවෙලා කියන්නද..?" ලොකු බොරුව ගොතාගන්න තව වෙලා ඕන නිසා චිරාත් වෙනමම බොරුවක් ගැහුවා..

"හ්ම්ම්.. හරි.. මේක ඉවර වෙලා යද්දී ඇවිත් මාව හම්බෙන්න.."

"හරි මිස්.."

තිත්ත කැපචිනෝ | OngoingOù les histoires vivent. Découvrez maintenant