19 වන දිගහැරුම 🤍

1.6K 292 155
                                    

"ආ..ත්..ම..!" නිර්වාන් කලේ කේන්තියෙන් වෙවුල වෙවුල ඉන්න චිරාත් ගාවට අඩියක් ලං වුන එක..

චිරාත්ට තව මොනවද කියන්න ඕන කියලා තේරුමක් නැහැ.. එයාට ඕන එයාගේ සුදු අයියගේ කාමරේට මේ මහ රෑ ආවේ කවුද කියලා දැනගන්න.. එයාට විතරක් අල්ලන්න පුළුවන් සුදු අයියගේ නළලට කවුද කිස් එකක් දුන්නේ කියලා දැනගන්න.. එච්චරයි..!

"ඒ බාප්පා..!"

"බා..ප්..පා..?" චිරාත් කලේ නිර්වාන් කියපු දේම ආයේ රිපීට් කරපු එක..

"ම්ම්.." ෂොක් වෙලා බලන් හිටපු චිරාත් දිහා ටික වෙලාවක් බලන් හිටපු නිර්වාන් එතනින් යන්න ගියේ චිරාත්ට මුකුත්ම කියන්න ඉඩ නොතියා...

බාප්පා..? බාප්පාද ඒ..? මං කොහොමද දන්නේ ඉතින්..? මම බාප්පව දැකල නැහැනේ.. මෙච්චරකල් ඉඳලා නැතුව එක පාරටම කඩන් පාත් වුනාම මම දැනගන්න විදියක් නැහැනේ... දහසක් දේ හිතට ගලාගෙන ආවේ චිරාත්ගේ කේන්තිය ටික ටික අඩු වෙලා යද්දී..

සුදු අයියා ගියාද..? තරහ වෙලාද ගියේ..? මම පිස්සෙක් වගේ කෑ ගහපු එකට තරහ ගිහින්ද මාව මෙතන දාලා ගියේ..? ආයේ යාලු වෙන්නේ නැති වෙයිද..? දැන් චිරාත්ට තියන විශාලම ප්‍රශ්නේ ඒක..!

සුජු අයියා චරහ වෙලාජ..?

"ආත්ම..!"

ඇවිල්ලා..!!!

"එන්න කොණ්ඩේ පිහදාන්න.. අසනීප වෙයි.." නිර්වාන් ටවල් එකකුත් අතේ තියාගෙන ගිහින් ඇඳ ළඟ හිටගත්තේ චිරාත්ට ඇඳේ වාඩි වෙන්න කියලා ඇස්වලින් පෙන්නලා..

ම්ම්.. සුදාප්පච්චි වගේ දුවගෙන ආවේ මහා වැස්සෙනේ.. තෙමිලා ඉන්නේ කියලා මතක් වුනෙත් දැන්.. ඉතින්.. චිරාත් කලේ වැස්සට අහු වුන බලු පැටියෙක් වගේ නැට්ටත් පස්සේ ගහගෙන ගිහින් ඇඳෙන් වාඩි වුන එක..

"සුදු අයියේ.." සැර බැහැලා..

"ම්ම්..?"

"තරහද..?"

"නෑ.. දුකයි.."

"දුකයි..?" ටවල් එකෙන් චිරත්ගේ ඔලුව පිහදාන අත අල්ලගෙන චිරාත් කලේ නිර්වාන්ගේ මූණ දිහා බලපු එක..

"ම්ම්ම්..!"

"ඇ..ඇයි..?"

"ඔයාට මාව විශ්වාස නැහැ නේද ආත්ම..?" ඒක කියද්දී නිර්වාන්ගේ ඇස්වල තිබුනේ වේදනාවක්..

තිත්ත කැපචිනෝ | OngoingOù les histoires vivent. Découvrez maintenant