12 වන දිගහැරුම 🤍

2K 292 90
                                    

නිර්වාන්ගේ එහා පැත්තේ තිබුන ඇල්කොහොල් ග්ලාස් එක එතනම බිම සී සී කඩ යද්දී නිර්වාන් ගැස්සිලා ඒ දිහාව බැලුවා..

"නැගිටිනවා..!!!" චිරාත් යක්සාවේස වෙලා කෑගහද්දී නිර්වාන්ට මොකද්ද වුනේ කියලා තෝරගන්නවත් වෙලාවක් තිබුනේ නැහැ..

නිර්වාන්ගේ තොල්වලට පහත් වෙන්න ඔන්න මෙන්න හිටපු ගෑණු ළමයා වුනත් චිරාත් දිහා බලලා ආයේ නිර්වාන් දිහා බැලුවේ එයා දැන් මොකද්ද කරන්න ඕන කියලා හිතාගන්න බැරි තැන..

ආදිත්‍ය අත් දෙකත් ඔලුව පිටිපස්සේ තියාගෙන චිරාත් දිහාව බලන් ඉන්නේ 'බලමාලු කෑවා නම් විඳවාපන් බළලෝ' කියලා මෙතන හයියෙන් කියාගන්න බැරි කමට..

"නිර්වාන්..!! තමුසෙට කියන සිංහලක් තේරෙන්නේ නැද්ද..? කිව්වාම ඔතනින් නැගිටිනවා..!!!" අන්ද මන්ද වෙලා ඉන්න නිර්වාන්ට තව හයියෙන් කෑ ගහපු චිරාත් කලේ එතනට ගිහින් නිර්වාන්ගේ මැණික් කටුව ගාවින් තද කරලා අල්ලගෙන එයාගේ පැත්තට ඇදපු එක..

අතින් ඇදපු පාර චිරාත්ගේ පැත්තට ඇදිලා ගිය නිර්වාන්ගේ මූණ චිරාත්ගේ පපුවේ වැදුනේ නිර්වාන්ට හිතන්නවත් වෙලාවක් නොතියා.. පපුව මැද්දෙම ඇවිත් වැදුන නිර්වාන්ගේ උණුහුම නිසා තප්පරෙකට දෙකකට අඩපණ වෙච්ච චිරාත් එයාගේ ලඟින්ම මේ පේන වෙවුලන ඇස් දිහා ටික වෙලාවක් බලන් හිටියා..

"The party is now over.. It's time to go home..!" ඇස් වලින් ගිනි පිටවෙද්දී නිර්වාන්ගේ තද කරලා අල්ලගත්ත මැණික් කටුව අතාරින්නෙ නැතුව චිරාත් ක්ලබ් එකේ එන්ට්‍රන්ස් එක පැත්තට ගියා..

"අපිට පාටි ඉවරයි මචං.. උඹලත් කරන මගුලක් කරලා ගෙදර පලයල්ලා." චිරාත්ගේ ඩ්‍රාමා එක දිහා බලන් ඉඳලා, ආයෙම එතන වට වෙලා කට ඇරගෙන හිටපු අය දිහා බලලා බලලා ආදිත්‍ය කිව්වේ සාක්කුවට අත් දෙකත් දාගෙන නැගිටින ගමන්.. සෝෆා ටේබල් එකට නැවිලා නිර්වාන්ගේ අමතක වෙලා ගිය ටැබ් එකයි, චිරාත්ගේ ෆෝන් එකයි අරගෙන ආදිත්‍ය බැලුවේ එන්ට්‍රන්ස් එක දිහාව..

"ඒ මොකද්ද බං ඒ වුනේ..? වක්කඩක් වගේ ඇරුන කට අමාරුවෙන් වහගත්ත සොහාන් අහද්දී..

"බල්ලා පිදුරු කන්නෙත් නෑ, කන ගොනාට දෙන්නෙත් නැහැ ප්‍රස්ථාව පිරුල ඇසුරින් නිර්මාණය කල කෙටි නාට්‍යක්.. ආහ්.. මේ.. මෙන්න මේකෙන් මගෙයි චිරාත්ගෙයි ඩ්‍රින්ක්ස්වලට ගෙවපන්.." ආදිත්‍ය පර්ස් එකෙන් ගත්ත පන්දාහේ කොළ කීපය සොහාන්ගේ පැත්තට දික් කළා..

තිත්ත කැපචිනෝ | OngoingDonde viven las historias. Descúbrelo ahora