ගෙදර ආපු වෙලාවේ ඉඳන් ආදිත්ය කාමරේට ගියා ගියාමයි එලියට ආවේ නැහැ.. නිර්වාන් වුනත් චිරාත්ගේ කේන්තිය නැති වෙනකන් පාඩුවේ හිටියා මිසක් වචනයක්වත් කතා කරන්න ගියේ නැහැ.. අල්මාරිය ඇද ඇද මොනවදෝ හොයන චිරාත්ගෙන් හොයන්නේ මොනවද ඇහුවම උත්තර නොදුන්න තැන නිර්වාන් ආයේ මුකුත් අහන්න ගියෙත් නැහැ.. හොයපු දේ හම්බුනේ නැතුවද කොහේදෝ චිරාත් මේසේ ගාවින් වාඩි වෙලා ෆෝන් එකේ මොනවදෝ ඔබනවා..
ටිං..!
ටික් ටික් ටික් ටික්...
ටිං..!
ටික් ටික් ටික් ටික්...
ටිං..!
ටික් ටික් ටික් ටික්...
ටිං..!
ටික් ටික් ටික් ටික්...
මෙච්චර වෙලාම කේන්තියෙන් හිටපු චිරාත්ගේ මූණේ ලාවට හිනාවක් ඇඳිලා තියනවා නිර්වාන්ට පේනවා..
කතා කරන්නද..? එපාද..?
කරන්නද..?
එපා..!
කරමු..
ඉවසලා ඉවසලා බැරිම තැන..
"ආත්ම..!"
චිරාත් ෆෝන් එකෙන් ඇස් අරගෙන නිර්වාන් දිහාව බැලුවේ හිස් හැඟීමකින්ද..? නිර්වාන්ට තේරුමක් නැහැ..
"ඔයාගේ හිතේ තියන ප්රශ්නේ ම්..මොකද්ද..?"
"මුකුත් ප්රශ්නයක් නැහැ.."
"එහෙනම් ඇයි අද අමුතු විදියට හැසිරුනේ..?"
"නැහැ මම ටික දවසක ඉඳන් කියන්න හිතන් හිටපු දේවල් ඒ කිව්වේ.."
"හදිසියේම..?"
"ඔව්.. හදිසියේම මට හිතුනා දේවල්වලට ලිමිට්ස් දාන එක හොඳයි කියලා.."
"ලිමිට්ස්..?"
"ඔව්..!"
"ඇයි ආත්ම හදිසියේම ඔයාට ලිමිට්ස් මතක් වුනේ..?"
"එහෙම හදිස්සියක් නැහැ.."
"එහෙනම් මොකද්ද මේ එකපාරටම වුන වෙනස..?"
"මේ ලෝකේ හැමදේම වෙනස්වෙනවා.. ඒක දැනගෙන අපි ජීවත් වෙන්න ඕන.."
"හ්ම්ම්.."