60 වන දිගහැරුම 🤍

1.6K 250 180
                                    

"අද අන්තිම දවස.."

නිර්වාන් උදේ පාන්දරම ලැස්ති වුනේ අන්තිම පේපර් එක ලියන්න යන්න.. අද චිරාත්ලා එන දවස.. උදේ වෙනකොට එයි කියලා හිතුවට තාම ඇවිත් නැහැ... කීප සැරයක්ම චිරාත්ට කෝල් ගත්තත් ෆෝන් එක ඕෆ්.. බැට්රි බැහැලා ඇති...

ම්ම්.. අප්පච්චිගේ වැඩක් තියනවා කිව්වනේ.. ඒක ඉවර කරලා එයි..

ආදිත්‍ය උදේ ඉඳලම බාස්කට්බෝල් ප්‍රැක්ටිස්... හවසට මාත් එක්ක එද්දී එක්කන් එන්න ඕන.. ම්ම්.. ගෙදර එනකොට හැමෝටම මොනවා හරි අරන් එන්න ඕන කැෆේ එකෙන්..

උදේ ඉඳලම නිර්වාන් හිටියේ පුදුම තරමේ සතුටකින්.. හිත ඇතුලින් පෙරේදා රෑ තිබ්බ මුසල හැඟීම අයින් වෙලා නොතිබ්බත් නිර්වාන් ඒක හිතලුවක් කියලා හිතලා හිතින් අතැරලා තිබුනේ..

ආත්ම දැන් හැමදාටම මගේ..!

බස් එකේ ගිහින් ඉස්කෝලේ ලඟින් බහිනකන්ම මේ නිර්වාන් ඒක හිතට කියාගත්ත දහස් වෙනි වතාව.. ඒ හැම වතාවකම එයාගේ හිත සතුටින් පිරිලා ඉතිරිලා යනවා..

පේපර් එක බෙදද්දීත් නිර්වාන් හිටියේ ඉක්මණට මේක ඉවර කරලා ගෙදර යන්න ඕන සිහියේ.. පේපර් එකට ලියන එක නම් නිර්වාන්ට ඇස් වහගෙන වුනත් කරතහැකි.. ඒත් චිරාත්ව හම්බෙලා ඒ පපුවට තුරුල් වෙන එක..? හැමදාටම මගෙමයි නේද කියලා ඇස්වලට එබිලා අහද්දී චිරාත් 'නැහැ' කියලා ඔරවන එක මතක් වෙද්දී නිර්වාන්ට දැන් ඉවසුම් නැහැ..

පැය තුනයිනේ.. ඉක්මණට යයි..!

නිර්වාන් හිටියේ සැළලිහිණි සංදේශයේ කවියක් විචාරයකට ලියන ගමන්..

පැහැපත් පුන් ස‍ඳෙව් කිරි සමුදුරැ පළට
සියගොත් බබුළුවන දෙව් රජ කුමර හට
නැවතත් එකලාව අවසර ලැබුණු විට
මෙපවත් කියව සැළ කරනුව සුර රදුට

ඒ කවිය ලියලා කුමර කියන වචනේ යටින් අත අරගෙන ගිය නිර්වාන්ගේ මූණට හිනාවක් ආවේ චිරාත්ව මතක් වෙලා..

මගේ කුමාරයා..!

ක්ලාස් එක ඇතුලේ ඉන්විජිලේටර් හිටියේ නැහැ.. දැන් ටිකකට කලින් නිර්වාන් මේසෙට තට්ටු කලාම කොලයක් ගෙනත් දීලා ගියා ගියාමයි එහා පන්තියේ ඉන්න ඉන්විජිලේටර් එක්ක කයියක් දාගෙන ඉන්නවා මෙතනට ඇහෙනවා..

තිත්ත කැපචිනෝ | OngoingWhere stories live. Discover now