01 වන දිගහැරුම 🤍

4.3K 377 142
                                    

"අප්පච්--"

"මම එක සැරයක් කිව්වා දැන්...!!"

අලුත්ම Range Rover Autobiography තද අළුපාට ජීප් එක එතනම ඉස්සරහා තිබුන කළු පාට ලොකු ගේට්ටුවෙන් ඇතුල් කලේ තැන තැන විසිරිලා හිටපු පිරිස නොසන්සුන් වෙලා ඒ වාහනේ වටේට එකතු වෙද්දී..

"අප්පච්චි ප්ලීස්.. ඔයා මේකට යන්න.. මට ගෙදර යන්න ඕන.. මගේ ඔලුව රිදෙනවා.." චිරාත් කිව්වේ පිටට නොපෙනෙන්න කලු කරපු වීදුරුවෙන් එළියේ ඉන්න සෙනඟ දිහා බලාගෙන.. චිරාත් කොහොමටවත් වැඩි සෙනග ඉන්න තැන් වල ගැවසෙන්න ආසා නැති චරිතයක්.. ඉතින් එයාට ඕන ගෙදර යන්න.. පාඩුවේ කාමරේ දොර වහගෙන එයාගේ ඇපල් මියුසික් එකට අලුතින්ම ඇඩ් කරගත්ත Roddy Ricchගේ 911 අහන්න..

"හෙට ඉඳන් මේක ඔයාගේ ඉස්කෝලේ චිරාත්.. ඒ නිසා අද පොඩ්ඩක් හුරු වෙන්න.."

"අප්පච්චි මාව CIS දාන්න කියලා මම කී පාරක් කිව්වද..? මට මේ ස්කුල් එකේ ළමයි කතා කරන දේවල්වත් තේරෙයිද මම දන්නේ නැහැ.."

"මේක මගේ ෆයිනල් ඩිසිෂන් එක.. ඔයා ඉගෙනගන්න ඕන මේ ලෝකේ එක එක ජාතියේ මිනිස්සු ඉන්න බව.. හැමෝම ඔයා ඔලුවෙන් හදාගෙන ඉන්න බොක්ස් එක ඇතුලට දාලා මැනලා ගන්න බැරි බව.." මහසෙන් කිව්වේ දොර ළඟ එල්ලලා තිබුන තද කලුපාට කෝට් එක අරගෙන ඇඳගන්න ගමන් චිරාත්ට බැල්මක් දීලා..

තවම එළියේ පොරකන සෙනඟ.. අතරින් පතර පත්තු වෙන කැමරා ෆ්ලෑෂ් ලයිට්ස්.. මේ හැමදේම චිරාත්ට පිස්සුවක්..

"ඔයා කියන්නේ මම එදා කරපු වැඩේ වැරදියි කියලද..?"

"ඔයා අකමැති නම් ඒ බව වචනෙන් කියන්න තිබ්බා.. ඒ ළමයාගේ නහයෙන් ලේ එනකන් බිම දාගෙන ගැහුවම හරිද..? අනික ඒ ඇමරිකාව චිරාත්.. ඔයා වැරදි මිනිස්සු එක්ක පැටලුනේ.."

"ඒක මහා අප්පිරියාවක් අප්පච්චි..!! මට පුළුවන් නම් මම ඌව මරලා දානවා එදා.."

"චිරාත්..!!! කට..!! තමුන්ට මම මේවද පොඩි කාලේ ඉඳන් ඉගැන්නුවේ..?"

"ඒ වගේ මානසික ලෙඩ්ඩු මේ ලෝකෙන්ම නැති කරලා දාන්න ඕන.. මට තවමත් කේන්ති.."

"හරි ඒක මානසික ලෙඩක් වෙන්නැති.. ඒත් කාටවත් අත තියන්න ඔයාට අයිතියක් නැහැ.. අනික ඒක නිකන්ම ලියුමක් විතරයි චිරාත්.. ඕකට ළමයෙක්ට දවස් දහයක් විතර සිහි නැති වෙන්නම ගහන එක..? Not acceptable at all..!"

තිත්ත කැපචිනෝ | OngoingKde žijí příběhy. Začni objevovat