46 වන දිගහැරුම 🤍

1.3K 251 96
                                    

"මට මෙහෙම කරන්න එපා ආත්ම.. මගෙන් මෙහෙම පලිගන්න එපා.. මට..මට.. හ්හ්.." චිරාත් වයලීන් එක අල්මාරියට දාලා වහලා දාද්දී නිර්වාන්ට තවත් ඉවසගෙන ඉන්නම බැරි තැන බිත්තිය දිගේ රූටලා ගිහින් බිම ඉඳගත්තේ දණහිස් අස්සේ ඔලුව ඔබාගෙන..

චිරාත් ආයේ කතා කලේ නැහැ.. සිය දහස් වෙනි වතාවටදෝ අලුත් වෙවී වැක්කෙරෙන නිර්වාන්ගේ කදුළු දකිද්දී හිත ඇතුලින් පිච්චි පිච්චී වුනත් චිරාත් ඉවසගෙන හිටියේ මෙහෙම නොකරන තාක්, මෙහෙම තේරෙන්න නොඅරින තාක් නිර්වාන් ආයේ ආයෙම ජිවිතේ අනතුරේ දාගන්න බව දන්න නිසා..

"මට බනින්න ආත්ම.. මට ගහන්න.. මගේ හුස්ම හිර වෙලා මාව මැරිලා යනකන් මගේ බෙල්ල හිරකරගෙන ඉන්න.. ඒත් මෙහෙම කරන්න එපා.. මේ දඬුවම සැර වැඩියි දෙයියනේ.. මාව ඔයාගෙන් මෙහෙම ඈතට කරලා තියන්න තියන්න මාව පිස්සු වැටෙනවා ආත්ම.. මට ඔයාව ඕන.. මට ඕන වෙලාවට ඔයාව අල්ලන්න ඕන.. මට ඕන වෙලාවට ඔයාගේ පපුවට අත තියලා පපුව ගැහෙනවා අහගෙන ඉන්න ඕන.. මට..මට.. හ්හ්.. ඔයා මගේ ආත්ම.. ඔයා මගේ.. අනික් අය එක්ක හිනා එන විදියට මාත් එක්කත් හිනා වෙන්න ආත්ම.. ඉස්සර වගේ මාත් එක්ක හුරතල් වෙන්න.. ඔයාට ඕන ඕන විදියට මාව හැමෝම ඉස්සරහා ඉඹින්න.. මට ඒවා නැති කරන්න එපා ආත්ම.. ඔයාට ලංවෙන්නවත් ඉඩ නොදී මෙහෙම කොන් කරලා දාන්න එපා.."

නිර්වාන් පිස්සුවෙන් වගේ දණහිසේ ඔලුව ඔබාගෙන කියවගෙන යද්දී චිරාත් යන්න හැරුනා..

"මුකුත්ම එපා.. මට වෙන මුකුත්ම එපා.. මට එකම එක වතාවක් අන්තිම වතාවට ඔයාගේ පපුව ඉඹින්න දෙන්න මහත්තයෝ.. මම ආයේ කවදාවත්ම ඔයාව අල්ලන්නේ නැතුව ඉන්නම්.." දණහිසේ ඔබාගෙන හිටපු ඔලුව උස්සලා නිර්වාන් කලේ අත් දෙකම එකතු කරලා චිරාත්ට වැඳවැටුන එක..

ඒ වචන වලට චිරාත්ව සීතල වුනා..

මෙතනින් යන්න හරවපු කකුල පවා එතනින් එහාට ඉස්සෙන්නේ නැතිව චිරාත්ව ලොක් වුනා කිව්වොත් හරි..

සුදු අයියේ..!! ඔහොම වෙන්න එපා දෙයියනේ..!! ඔහොම වැඳ වැටිලා මට පවු පුරවන්න එපා..

ලේසියෙන් සමාව දෙන්න දෙන්න ඔයා ඔයාගේ ජිවිතේ හරිම සිල්ලරට ගන්නවා සුදු අයියේ.. මට සමාවෙන්න.. ඔයාගේ හිත  මේ තරමටම රිද්දනවට මට සමාවෙන්න.. ඒත් මේක ඔයාට සදහටම මතක හිටින පාඩමක් කරේ නැත්තම් ඔයා ආයේ ආයෙම මේ වැරැද්ද කරනවා..

තිත්ත කැපචිනෝ | OngoingDove le storie prendono vita. Scoprilo ora