55 වන දිගහැරුම 🤍

1.4K 264 63
                                    

"බැහැ බැහැ අප්පච්චි තුනක් ඕන.." බැල්කනි එකට වෙලා නිර්වාන්ගේ කාමරේ දිහා බලාගෙන කෝල් එකත් කණේ තියාගෙන චිරාත් මහසෙන්ට බෙරිහන් දෙනවා..

ම්ම්.. බිම ඉඳගෙන මොනවද අනේ ඔයා ඔය කරන්නේ..? දැන් පැය බාගයක් තිස්සේ පොත් ටිකක් දිග ඇරගෙන මොනවදෝ ලියන නිර්වාන්ව චිරාත්ට පේන්නේ බිම් මලක් වගේ..

"එක වගේ තුනක් නැහැ බං ගන්නවා නම් හතරක් ගන්න ඕන.. හතරක් අරන් එකක් විසික් කරන්න එපා.. මම දන්නේ නැහැ පවු සිද්ධ වෙනවද නැද්ද කියලා.. අපරාදේ එහෙම කරන එක.."

"මොකද්ද අප්පා මගුල ඔයාට මේ එක වගේ තියන තුනක් හොයාගන්න බැරිද..?"

කෝ අද ඔයාගේ කණ්නාඩි දෙක නහය දිගේ පහලට වැටෙන්නේ නැද්ද..? වෙනදට නහය දිගේ රූටන කණ්නාඩි දෙක අද කිසිම කරදරයක් නැතුව තියෙද්දී චිරාත්ට ඒකත් ප්‍රශ්නයක්.. බැහැනේ.. එහෙම ඒක වෙන්න දෙන්න බැහැනේ.. අමාරුවෙන් කණ්නාඩි දෙක හදද්දී නේ මට ඉන්න බැරි වෙන්නේ.. එතකොටනේ තවත් මෙව්වා කරන්න හිතෙන්නේ..

"හෙව්වා බං නැහැ.. උඹට ඕන ඕන විදියට මුන් වෙසක් කූඩු හදන්නේ නැහැ.."

"අනේ මේ ඔයා ගෙදර එන්න මම සුදු අයියා එක්ක යන්නම්.."

'හොස්ස ලඟින් මැස්සා යන්න බැරි පන්තියේ' චිරාත් බෙරිහන් තියලා  ඉවර වෙලා ෆෝන් එක තිබ්බා.. ඒත් එක්කම නිර්වාන්ට කෝල් එකක් අරගත්තේ බැල්කනි එකේ ඉඳන් පේන නිර්වාන් දිහා බලාගෙනමයි..

"ආත්ම..!"

"මාත් එක්ක වෙසක් කූඩු ගන්න යමු.."

"හා.."

"එකම ඩිසයින් එක පාට තුනකින් ගන්න තැනක් දන්නවද...?"

"ම්ම්.. එහෙම ඒවා නම් හොයන්න අමාරු වෙයි ආත්ම.."

අනේ සුදු අයියේ..!!!

"මට ඕන එහෙම.."

"ම්ම්.. සැකිල්ල අරගෙන ඇවිල්ලා අලවන්න තමයි වෙන්නේ එහෙනම්.."

"මම දන්නේ නැහැනේ අලවන්න.."

"මම අලවන්නම් ඔයයි ආදියි උදවු කරන්න.. ම්ම්..?"

හා...!!!!!!!!!

"ම්ම්.."

"යමු ගිහින් එහෙනම් සැකිලි අරගෙන එමු.."

තිත්ත කැපචිනෝ | OngoingTempat cerita menjadi hidup. Temukan sekarang