63 වන දිගහැරුම 🤍

1.1K 240 89
                                    

"ඇයි පුතා..? ඇයි ඔයා මට නිකමටවත් මේ දේවල් ගැන නොකිව්වේ..? මම ඉලෙක්ෂන් එකේ වැඩවලට බිසී වෙලා හිටපු නිසා හොයලා බලන්නවත් බැරි වුන එක මගෙත් වරද.."

කැෆේ එක වහන්න ඔන්න මෙන්න තියෙද්දී ප්‍රසිඩන්ට්ගෙන් ආපු කෝල් එකට නිර්වාන් උත්තර දුන්නේ මේස අස් කරලා පිහදාන ගමන්..

"ඒකට කමක් නැහැ සර්.. වෙන්න තියන දේවල් අපිට නවත්තන්න බැහැනේ.."

"තුන් මාස දානේ මටම මතක් වෙලා ඔයාට කතා කලේ නැත්තම් මම තව දන්නෙත් නැහැ.."

"ඒක පන්සලකට දුන්නා සර්.. අවුරුද්දේ දානේ පොඩ්ඩක් හොඳට කරන්න බලනවා.."

"කොහොමද ඉතින් මහසෙන්ගේ ඇඟිලි සලකුණ අරගෙන තියෙන්නේ..? ඔයාට සැකයි වගේ නම් අපි ඕකට කේස් එකක් දාමු..?"

"නැහැ සර්.. එහෙම සැකයක් නැහැ.. මොකක් හරි වැඩකට අප්පච්චි ඒ ප්‍රොපටීස් ටික නැන්දාගේ නමට ට්‍රාන්සර් කරන්න ඇති.. අපේ වෙලාව හොඳ නැති නිසා අප්පච්චි නැති වුනා.. ඒක දැන් අපි හිතෙන් අතැරලා දාලා තියෙන්නේ.."

"අනේ මන්දා ඔය කිව්වට මට නම් හරිම සැකයි ඕක.. මහසෙන් ඒ වගේ මෝඩ මනුස්සයෙක් නෙමෙයි.. අර ගෑණු මනුස්සයා කතා කරද්දීම තේරෙනවා හිත ඇතුලේ තියන කපටිකම.. මහසෙන්ට ඒ මනුස්සයව අඳුරගන්න බැරි වුනා කියන එක නම් මට ටිකක් පිළිගන්න අමාරුයි.. ඔයා මට මොනවත් හංගනවද පුතා..?"

"න්..නැහැ සර්.."

"හ්ම්ම්.. හරි.. මගෙන් මොනවද වෙන්න ඕන...? මම උදවු කරන්නම ඕන මහසෙන්ට.."

"දැනට එහෙම උදවුවක් නැහැ සර්.. මොනවා හරි ඕන වුනොත් අනිවාරෙන්ම මම ඉල්ලන්නම්.."

"හ්ම්ම්.. පුතාගේ අකවුන්ට් නම්බර් එක මට එවනවද..?"

"ඇයි සර්..?"

"වියදමට තියාගන්න මම සල්ලි එව්--"

"නැහැ සර්.. තියනවා.."

"මුරණ්ඩු වෙන්න එපා පුතා.. මම දෙන්නේ මහසෙන්ට කරන උදවුවක් විදියට.."

"මම දන්නවා සර්.. බොහොම ස්තුතියි එහෙම හිතපු එකටත්.. ඒත්.. මං ගාව තියනවා.. අවශ්‍යම වුනොත් මම අනිවාරෙන් සර්ගෙන් ඉල්ලන්නම්.."

තිත්ත කැපචිනෝ | OngoingDonde viven las historias. Descúbrelo ahora