ටයිටැනික් 1912
_________________________________________
1912 වසරේ පටන්ගෙන මාස තුනක් පමන ගෙවී ගොස් අන් සියල්ල වෙනස් වී ඇතිමුත් එක දෙයක් නොවෙනස් වූ වේ මාගෙද කරුමයට බව මා දනී..ඒ මා හට සිටි එකම දෙමාපියන් මෙලෙව හැරගිහින් දැනට වසරක් පමන වන නිසායි...එදා ඉදන් තව ම ජීවිත අත්දැකීම් ලබාගනිමින් ඉදිරියට යන බව මාහට විශ්වාසය, වෙහෙසකර එදිනෙදා වැඩ වෙලින් මිදිලා පොඩි සැනසීමක් හොයාගෙන මම යන්න කියලා රට වටේ සවාරියක්...අදත් ඒ වගේ යන්න පේන් එකේ ටිකට් ගන්න ආව දවසක්... පාස්පෝට් එක කෝමත් හදලා ඉවර උනේ ඉස්සර ඉදන්... වෙනද වගේ නෙවෙයි ප්‍රේමයේ නවාතැන් හොයාගෙන යන්නේ ප්‍රේමණීය රට එංගලන්තය වෙත.....ඉතින් මමත් ගියාට මොකද...මම ටිකට් එකගන්න පෝලිමේ ඉදලා මගේ ටිකට් එක අරන් එතන කවුන්ටර් එකේ හිටපු කෙනාටත් හිනාවෙලා ඒ විසල් පෝට් එක දිහා ඇස් ඇරන් හැමතැනම බලන්න ගත්තා...
එක නිමේෂයක් වෙන්න ඇති...ඒ නොරිස්සුම් බවේ උපතක් වෙන්නත් ඇති... ඒත් කිසිම කලබලයක් නැති විත්තිය ඒ තත්පරේම මට දැනුනා...ඕ... හරියට අයඩින් පාට ඇස්...තද දුඹුරු හා ගඩොල් රතු එකතු විච්ච ඒ ඇස් මටම දිග පළල මනින්න හේතු කිවුවා... කවදා ඒකේ මිම්ම මට ගන්න පුලුහන් වෙයිද දන්නේ නෑ...ඒතරමට පරිමාව ගොඩක් තියෙනවා... මේ නිමේෂයකින් මමින්න අපහසු ඇස් ආයේ දිනක හමුවේද යන පසුතැවීමෙන් ඒ ඇස් මට නොපෙනී යන්න ගියා...ඒ ඈතට ගිය ඇස්වල පරිමාව මනින්න මට දැඩි ඕනේ කමක් තිබුනේ පලවෙනි වතාවටයි.... රලත් වෙරලත් නැවත හමුවීමේ බලාපොරොත්තු වෙන් නික්ම යන නිසා මමද තුන් හිතකම බලාපොරොත්තු දැඩිව ඒ විසල් පෝට් එකෙන් නික්ම විත් දවසේ විඩාව නිමාගත්තාය...
ඒ ඇස්වල තිබ්බ නොරිස්සුම් ගතිය එහෙම්ම මගේ හදවතට ඇවිත් තිබුනේ...මගේ පාලනයෙන් බැහැරවයන ඇට්ටර හිත එක්ක මනස කරන පොඩි මංගල යෝජනාව නිසා... වෙනදාට නැති කැක්කුමක්...නැවත කෙදිනද හමුවෙන්නේ...රළ හා වෙරල හමුවෙනවා කීවට ඒක ඉතා ඉක්මනින් වන ක්‍රියාදාමයක් විය...නමුදු මෙය කොලවරක් නැති බලාපොරොත්තුවක් දැයි මට සැකය....
ඕ...ඒ රූපේ දැක්කගමන් හිතට ආවේ සිමෙන්ති පාට අලුපාටක්...මන් අහලා තියෙනවා හැම ජීවිතේට පුංචි හරි අලුපාට මනුස්සයෙක් ඉන්න ඕනේ කියලා...හිතට සංසාරයක් වගේ පිරිලගියේ ඒ සිමෙන්ති පාට මනුස්සයා දැක්ක නිසා වෙන්න ඇති ඒත් දුකේ මුදුන් මුල තැම්පත්වෙලා හිත කකියන්න ගත්තේ මගේ වෙයිද කියන සැකේ මටම මගේ හිත නඩු අහද්දි....
YOU ARE READING
ටයිටැනික් 1912 ✔️
Fanfictionනොගැලපෙන ඉසව්වක ගැලූ, අරුත් මුහුදු පතුලේ වැළලී ගිය (අ)ප්‍රසිද්ධ ආදර රහසේ හිමිකරුවන්..!