ටයිටැනික් 1912
_________________________________________අදින් මට අඩන්න උරහිසක් නෑ..ඒත් මට තාම විශු මාව අල්ලන් හිටිය තැනෙන් හරි ලස්සනට ඒ අබාපු රූපේ පේනවා...මම කැමති නෑ ඒක හිතලුවක් කියන්න...ඕ ඒ ඇස්..ඒ තොල්...ඒ රතුවිච්ච කම්මුල් එක්ක මගේ විශු තාම හිනාවෙනවා...ඕ ඒ හිනාවේ තිබ්බේම ආදරේ දෝතින් අරන් එන පිලිගැනීමක්...ඕ..ඔයාලට පේනවද..අනේ විශු තාම ජීවත් වෙනවා....ඕ එයා ඒම කවදාවත් මාව දාලායන්නේ නෑ...ඕ ඒ ඇස් තාම මන් දිහා බලන් හිනාවෙනවා...
නෑ..මට ඕනේ නෑ...මම තාම විශු සාගරේට යට උනු තැන බලාන් හිටියා...මාව ටිකෙන් ටික ඇදෙනවා වගේ..ඕ බෝට්ටුව ගොඩබිමට ඇදෙනවා.....මට ඒත් ඕනේ නෑ...මගේ විශු ඉන්නේ මේ මුහුදේ..ඒනිසා මම මොකටද ගොඩට යන්නේ...අනේ...මමත් එන්නද රත්තරන් උබ එක්ක...මට බෑ උබ නැතිව ජීවත්වෙන්න...
මම දැක්කා...අපි වගේම තව බොහෝ ආදරවන්තයෝ...තමාගේ ආදරේ බේරගෙන තමන් මරනයට බිලිවෙන විදිහ...ඒත් මට ඒගැන තැකීමක් කරන්න ඕනේ නෑ...මොකද මගේ ආදරේ දැන් අන්තිම හුස්ම හෙලලා අහවරයි...ඒත් මම පිලිගන්නේ නෑ... එකට යන් කීවට ඇයි විශු උබ තනියම කලින් ගියේ...ආ... කියපන්... උබට දෙන්න උත්තර තියෙයිද...
තරංග සීල් කිරීමක් වගේ එක මගේ කන් අතරට ආව නිසා...මට වටේ කිසිම දෙයක් ඇහෙන්නේ නෑ...කෝමත් මට අහන්න ඕන උනේ නෑ...මම තාමත් බලන් ඉන්නේ...ටයිටැනික් නැව ගාවම ඇදි ඇදි මැකෙන මගේ ආදරේ දිහා...ඕ තාම ඒ රූපේ මැවෙනවා...
මාව එක අතක ස්පර්ශයකටලක් උනා...ඕ මාව ගැස්සුනා...නාදුනන ආගන්තුක ස්පර්ශ මම ප්රතික්ෂේප කරනවා...
"කෝ...එන්න පරිස්සමින් උඩට එන්න..."
දන්නවද විශු මම උබේ හිතුවක්කාර වැඩ නිසා ජීවිතේ බේරන් ගොඩටත් ඇවිත්...උබ හැමදාම කරේ හිතුවක්කාර කම්... මම මහ හොද නෑනේද විශු උබව සාගරේ තනිකරලා මම විතරක් බේරිලා ඇවිත්...මං ඒකට මට ම වෛර කරනවා විශු....
මම දන්නේ නෑ..කවුදෝ මාව උඩට අරන් එක පඩියකින් ඉදගැස්සුවා... ඕ මට ඒකට හිතයන්න තරම් හොද මානසිකත්වයක නෙවෙයි මම දැන් ඉන්නේ...මම එහෙම්ම ඒ පඩියේ ඉන්න ඇති...හෝරාවක්..නැ..හෝරා දෙකක්...නෑ...දවසක්...නෑ...දවස් බාගයක්...ඕ..ඇත්තටම මම ඒ පඩියෙන් කිසිම හැල හොල්මනක් නැතිව දවස් බාහයක් වෙනවා දැනට...දැන දැනම...හිතේ කොනක හරි පොඩි හරි බලාපොරොත්තුවක් තියන් හිටියා ඔය එන එක බෝට්ටුවක හරි මගේ මහිම එයි කියලා...නෑ...දවසකටත් වැඩියෙන් හිටියා...ඒත් නෑ...ඇත්ත ආදරේ නිසා මිනිස්සු පිස්සෝ වෙනවා කියන එක මම අද මගෙම්ම දැක්කා...
YOU ARE READING
ටයිටැනික් 1912 ✔️
Fanfictionනොගැලපෙන ඉසව්වක ගැලූ, අරුත් මුහුදු පතුලේ වැළලී ගිය (අ)ප්රසිද්ධ ආදර රහසේ හිමිකරුවන්..!