ටයිටැනික් 1912
_________________________________________වෙනදා වගේ නෙවෙයි අද..මම අද නැගිට්ටේ ඒ පිරිමි පපුවේ අස්සෙ ඉදන්...පලවෙනි වතාව...ඇත්තටම මට අද අසාමාන්‍ය සතුටක් තියෙන්නේ...ලාවට හිරු එලියට ඒ සදුන් පාට හම දිස්සේ ගහද්දි හරි ලස්සනයි...ආයේ ආයේ බලල හිත පුරව ගන්න පුලුහන් විදිහේ පාටක් තිබ්බේ...අද මම විශු එක්ක එයාගේ කීමට එයාගේ පොඩි නිවහනට යන්න ඉන්නේ....මන් හිතන්නේ ඒ ගෙදර එයාගේ තනි කැපවීමෙන් හදාගත්ත එකක්...ඇත්තටම මේ වගේ මිනිස්සු ඉන්නේ අතලොස්සක්... දන්නවද...මගේ අම්මා හිටිය නම් කොච්චර නම් සතුටු වෙයිද කියලා...මොකද මගේ විශු තනිකර මගේ අප්පච්චිගේ කොපියක්...මම ඉස්සර විහිලු කරනවා අම්මට අම්මෝ ඉතින් ඔයාගේ සුදු මහත්තයා...ඒම කිය කිය...නොකීවට මන් පැතුවේ අප්පච්චි කෙනෙක් වගේ කෙනෙක්...ඒක එලෙසටම හම්බුනාම මාර සතුටුයි...
මං හිතන්නේ මේ හොර ගෙඩියා කලින් එදම්ම හිතාගෙන ඇවිත් තියෙන්නේ මෙහෙ නවතිනවා කියලා..අදට අදින්න ඇදුම් පවා ගෙනත්...කමක් නෑ...ආදරේයිනේ...
නිසි වෙලාව ආවාම මම ඒ අත් පටලන් ඒ ගෙදර යන්න පිටත් උනා... විනාඩි ගානක් ගෙවිලා ගිහින් පුංචි මිදුලක් එක්ක තනි මිනිහෙට්ට ඉන්න පුලුහන් විදිහේ ගෙදරක් ඉස්සරහ නවත්තද්දි මගේ අත අල්ලන් ඒ මිදුලට ඇතුල් උනා.... ඇත්තටම ලස්සනයි...යායට සීනියාස් මල් හිටවලා... තැනින් තැන ටියුලිප් මල්...මට පේන විදිහට මෙයාගේ වත්තෙම්ම තමා මට මල් අරන් ඇවිත් තියෙන්නේ... සීතල පරිසරයට කියාපු මල් හිටවලා තිබ්බේ.... ඒ දොර අරන්න මර යතුර දෙද්දි මමත් ඒ ලද අවසරය එක්ක ඒ යතුර අරන් දොර ඇරියා...
කියන්නඅට වචන එන්නේ නෑ... ඒතරමට ඒ පුංචි ගෙයි ලස්සනට සරසලා... තැනින් තැන සුදු බැලුම් තියෙද්දි මට තේරුනේ නෑ මේ මොකටද කියලා...ඒ එක්කම මම අඩිටක් ඇතුලට ගියා...හැමතැනම සරසලා...ඒ එක්කම මාව පිටිපස්සෙන් බදා ගන්නවා දැනුන නිසා මම ඒ මූනට මගේ මූන තදකර ගත්තා.... අද අම්මා ඉන්නකන් උනු සතුටක් වගේ සතුටක් මට ආවා....
මට දැනුනා එයා මගෙ හිස් මුදුනට ඒ තොල් තද කරනවා...අනේ ඒ හැගීමට මම නමක් දන්නේ නෑ... ඒනිසා මම ඇස් වහගෙන ඒක වින්දා... ටිකකින් ආයේ මාව ඒ අත්වලින් නිදහස් උනා වගේ දැනුනා... ඒ නිසාම මම ආයේ ඉස්සරහට ගිහින් ඒ අමුතු විදිහේ සරසලා තිබ්බ පුංචි ගෙදර හැඩ බැලුවා...
YOU ARE READING
ටයිටැනික් 1912 ✔️
Fanfictionනොගැලපෙන ඉසව්වක ගැලූ, අරුත් මුහුදු පතුලේ වැළලී ගිය (අ)ප්‍රසිද්ධ ආදර රහසේ හිමිකරුවන්..!