ටයිටැනික් 1912
_________________________________________ඒ දැඩි අත්වලින් මිදිලා මම ආයේ පුංචි කුස්සියක් වගෙ තැනට... නිකන් කෑමක් හදන් කන්න පුලුහන් වාතාවරණයක් එතන තිබ්බා... දවල්ට බඩ පිරෙන්න කන්න පුලුහන් වෙන කෑමක් හදන්න ගත්තා.... කොහෙද ඒක හදන්න දෙන්නෙත් නෑ... මගේ පිටිපස්සෙන් ඇවිත් ඉනෙන් අල්ලන් මගේ උරහිසට නිකට තියන් පැද්දෙනවා... ඕ මට ඒක නිකන් ආඩම්බරයක් වගේ...මොකද දන්නවද කොච්චර ආදරේ කීවත් පෙන්නුවත් තාම මගේ බෙල්ලට හාදු තියලා නෑ.. ඒතරම් මාව උසස් විදිහට දකින්නේ ඇයි කියලා මම දන්නේ නෑ..ඒත් එයාට ඕන ඇති එයා එක්ක තනිවෙන රෑක ඒකේ ප්රථම අත්දැකීම මම විදිනවා දකින්න... මොනා උනත් මට මගේ ආදරේ ගැන සෑහෙන ආඩම්බරයි...හුස්මකින්වත් මාව කිලිටි නොකරන එකට.....
"අනේ...සුදු...අහකට වෙන්නකෝ ටග්ගාලා හදලා දෙන්නම්..."
"බෑ...බෑ...ඕම ඉමු....."
ආදරේදි මොන තහංචිද...මමත් ඒකෙන් විදීමක් විදිනව නම් මොකටද බාදා....
කෝමෙන් කෝම හරි මම කෑම එක දෙන්නෙක්ට කන්න පුලුහන් විදිහට හදාගත්තා... ඒකල්ලා කෑම කන්න ගත්තේ මගේ අතින් හදපු කියන සම්මානේ මට දීලා...
"මැණික දන්නවද....මෙච්චර කාලයකට මං වෙනුවෙම්ම කෑම හදපු පලවෙනියා ඔයා මයෙ අම්මා..."
ඕ...හීන් ආඩම්බරයක් ආවා හිතට... එයා වෙනුවෙම්ම හදපු පලවෙනි කෙනා...ඕ හැම ආදරවන්තයින්ගේම බලාපොරොත්තුවක් කීවොත් මම වැරදි නෑ...කවුද අකමැති තමා හදන කෑම එක එයා වෙනුවෙම්ම හදපු පලවෙනි කෙනා වෙනවට... එතනත් නොසෑහෙන්න ආදරේ තිබ්බා....
මට ආව නැති රසවල් එයා කන ඒත් මාත් කන කෑම එකෙන් එයාට ඇවිත් තිබ්බා... ඕ හැමදේම හිත පිරෙන්න... මට නම් කෑම නොකෑවත් කාරි නෑ...මේ වචන වලට හිත හරි පිරෙනවා...
හනික ඒ ඔක්කෝම අස්කරන්න ගත්තේ මගේ විශු ගෙත් උදව් ඇතිව...
දෙකට විතර ආයේ බැල්කනි එකට ගියේ අපිට නිදහස් වෙන්න තිබ්බ තැන නිසා... ඕ වෙනදට එක විනාඩියක් කාමරේ අස්සේ ඉන්න බැරි මට අද වෙලාව යනවා දැනුනේ නෑ.... අපේ ආදරේ පටන් ගෙන මට මතක ඇති විදිහට දවස් පහක් ගිය තැන එකම එක කාමරයකට කොටු උන දවස අද...මොන හිරවීමක්ද ඒකේ... මේ පපුව අස්සෙ අසීමාන්තික් නිදහසක් තියෙද්දි...
YOU ARE READING
ටයිටැනික් 1912 ✔️
Fanfictionනොගැලපෙන ඉසව්වක ගැලූ, අරුත් මුහුදු පතුලේ වැළලී ගිය (අ)ප්රසිද්ධ ආදර රහසේ හිමිකරුවන්..!