ටයිටැනික් 1912
_________________________________________නිදහස් හැන්දෑවල හෙලන පාවෙන සුසුම්වල තරම පරිසරයට පවා දැනෙන්න ඇති....
ඕ ඒතරමට අපි නිදහස්...වෙන ආදර කතාවලට හරස් වෙන කිසිම දෙයක් නැති වෙද්දි... වෙනදා වගේම කියන්න කැමතියි... අපිට අපි එරෙහි උනොත් මිසක් වෙන නෑ කටුක අතු.....
කෝපි පාර අසහ යට කදුවර කාමරේ ඇද කොනට වෙලා ඒ උණුසුමේ ගුලු වෙලා ඉන්න තරම් සැනසීමක් වෙන කෝ...
"මැණික...."
"ඕ....කියන්න රත්තරන්...."
"මැණිකට සතුටුද...මා එක්ක මේම ගමනක් යනඑකට..."
"අනේ...ආයේ ඒක අහන්න ඕනේ නෑ... ඔයා කොතනද ඉන්නේ..එතන මගේ හිත පුරෝලා යන සතුටක් තිබ්බා රත්තරන්..."
"මම ආයේ ආයෙ කියනවා මැණික... පිං...මයේ අම්මට මාව හදවත ගැහෙන මනුස්සයෙක් කරාට..."
"මටත් කියන්න තියෙන්නේ.... සංසාරයක් පිං මාව මේ කියන ආදරේන් වෙලාගත්තාට..."
ඒ අත් මගේ ඇගේවටේ එතිලා තිබ්බේ මාව සීතලෙන් බේරගන්න වගේ... බාගෙට ඇරුනු බැල්කනි එකේ දොර ලාවට වගේ දැල් උනු මලකඩ පාට බල්බ... ඒ හැම දේකිම්ම මම දැක්කේ ආදරේ නිර්වචනයක් පමණි...
ඒ මූන එක්ක මගේ මූන තියලා එක එක පිංතූර ගත්තේ... ඒ ගත්ත එක පිංතූරයක් මේ නැවේදි ගත්ත පලවෙනි පිංතූරය විදිහට සටහන් වෙද්දි....
රෑ වෙද්දි අදාල තැන් වලට ගිහින් කෑම ගත්තේ විසක් ශාලාවල නානා තරාතිරම් පුද්ගලයන් සමගය..... විටෙක විශුව දන්න හදුනන පුද්ගලයින් හමුවූ විට දෙවතක් නොහිතා මාව ඒ විවිධ මිනිස්සුන්ට හදුන්වා දුන්නේ බොහෝ හරසර මැද්දේ....
සෑමදෙයක්ම අවසන්කොට අපි නැවත අපේ ඒ අඩ අදුරේ තැවෙමි ඉන්නු කාමරේට ආවේ ආයේ අඩක් හෝ එලිය කල බල්බ සියල්ලක්ම නිවා මල් වෙඩි පත්තු කරන්න....
මගේ අතේදී පලමු මල් වෙඩිල්ල පත්තු වෙද්දි එයා ඒ හැම දේම කැමරාවට දාගත්තා...ඕ එකින් එක නිමාවෙද්දි.... මුලු නෞකාවේම මිනිස්සු මාර හයියෙන් අත්පොල හඩ එක්ක ඔවුන්ගේද සතුට ප්‍රකාශ කර සිටියා.... ඒවගේ තැනක අපි දෙන්න නිසා එවුන්ගේ සතුටක් ඇති උනා කියද්දිත් මටම හිනා ගියා...
YOU ARE READING
ටයිටැනික් 1912 ✔️
Fanfictionනොගැලපෙන ඉසව්වක ගැලූ, අරුත් මුහුදු පතුලේ වැළලී ගිය (අ)ප්රසිද්ධ ආදර රහසේ හිමිකරුවන්..!