ටයිටැනික් 1912
_________________________________________
එකම වස්තුවක් පද දෙකකින් කියද්දි තේරුම් දෙකක් උනා... පුංචි කායේ කතවල හඳ කියල එක තියෙද්දි.... තරුණ වියේදී ආදරේ එකතු උනාම සඳ කියන්න ඒක වෙනස් උනා... ඒව ඒ තමා මේ හැමදේම...ඒ ශුංගාර දහඩිය පිරිනු පපු උඩ නින්ද යද්දි ලාවට දැනුනා අද දවසේ අවසාන වතාවට ඒතොල් මගේ නලලේ තියෙනවා.... මම හිතන්නේ....කිසියම් හෝ එක්වීමකින් පස්සේ හති වැටිලා ඉවර උනාම ආදරණීය නලල් හාද්දක් අවශ්යයි.... එතන තිබ්බේම ප්රේමණීය රමණියක කෙටි සමුගැනීමක නව ඇරබුමක්... නැවත හමුවීමේ පොරොන්දු ඇතිව අවසන් කල දිර්ඝ රමණයක්...
දීර්ඝ උණුසුම් හෝරා ගලා ගොස් සීතල හුලන් වදින උදෑසනක එංගලන්තය හරි දර්ශනීය ලෙස පෙනී ගියා...
අද සතුට හිතින් දෝරේ ගලලා තියෙන්නේ... ගොඩක් අයට තමා ආදරේ කරන කෙනාවම හිමිවෙන්නේ නැති වෙද්දි මං හරි වාසනවන්තයි මගේ ප්රේමයේ පිං කඳ අද මගේම වෙලා හිතින් වගේම ගතින්.... කාටද සතුටු නැත්තේ...
මගේ එහා පැත්තේ නිදාගෙන ඉන්න පිරිමි පරානේ දිහා ඇසි පිය නොහෙලා බලාන් හිටියේ වෙනදා හම්බෙන චරිතේ නෙවෙයි ඊයේ මගේ එක්ක හිටියේ...ඕ ඕන කෙනෙක් වෙනස් මනුස්සයෙක් වෙනවා ඒ වගේ මොහොතවල්වලදි... මම ඒ මූනට හාදු තියලා ඇගපත අමරු උනත් කන්න හදන්න ගියෙ අද දවල් වරුවේ හෙට යන්න තියෙන වරාය ලගට යන්න ඕනේ නිසා...
බැරි බැරි ගාතේ කැම හදන්න පටන් අරන් ටිකක් වෙලා යද්දි මාව පාවෙනවා වගෙ දැනුනා... ඕ මේ මනුස්සයා මාව වඩාගත්තා...
"මොකද්ද මැණික මේ කරන්නේ...ආ... "
පලවෙනි වතාවට මට විශු තරවටු ස්වභාවයකින් කතාකරේ...මම ඇයි කියනවා වගේ ඇස් වලින් ඇහුවා... ඕ ඒකත් එයාට තේරුනා...
"ඇයි... කෙලින් හිටන් ඉන්න පනනෑ... එනවා මෙතන කෑම හදන්න..."
මම ඒ පපුවේ අස්සේ මූන හන්ගගත්තේ කරේ වැරැද්දක් කියලා දන්න නිසා.... ඒ ලග පොඩි සැටියක් තිබ්බ නිසා මාව ඒකේ හාන්සි කෙරෙවුවා...
"ඔතන ඉන්න....මම හදලා දෙන්නම්...."
ඇත්තටම ඒ වචන වල පුදුම තද බල ගතියක් තිබ්බා.... ටිකක් ඒකේ ඉද්දි මට කම්මැලි උන නිසා මම එහෙ මෙහෙ ඇවිදිමින් කෑම හදන ආදරණීය ආත්මේ දිහා....
YOU ARE READING
ටයිටැනික් 1912 ✔️
Fanfictionනොගැලපෙන ඉසව්වක ගැලූ, අරුත් මුහුදු පතුලේ වැළලී ගිය (අ)ප්රසිද්ධ ආදර රහසේ හිමිකරුවන්..!