ටයිටැනික් 1912
_________________________________________කරක් කරක් ගගා ඇහෙන සද්දේ එක්ක බෝට්ටව පහලට ඇදෙන්න ගත්තා...
ඕ උඩ ඉදන් මගේ දිහා දිලිහෙන ඇස්වලින් බලන් ඉන්නේ..ඒ නොරිස්සුම් ඇස් දෙක...මම ඇසි නොපියා බලන් හිටියේ ඒ මොහොතේ හරි මට ඒක නැතිවෙන නිසා.. මම හැගීම් විරහිතව ඒ මූන දිහා බලන් හිටියට..ඒ මූනේ හරි ජයග්‍රහණී හැගීමක් පුරවලා තිබ්බා.. ඕ විශුගේ එකම ජය මාව ආරක්ෂිත බෝට්ටවකට දැම්ම එක..
ගානට බෝට්ටුව සාගරයේ පතිත උනා එක්කම...නැ...එපා...විශු...එපා.. මයේ අම්මා...ඕ විශු ඒ කොච්චරද උස කියලා නොදන්න නැවේ ඉදන් ගැඹුර නොදත් සාගරේට පැන්නා...ඕ මට හීල්ලුනා..මම තද කරලා ඇස් වහගත්තා...මට ඕනේ නෑ..එපා...අනෙ මෝඩයා...උබ..මේ උඩ ඉදන් පැනලා මැරුනොත්...නෑ..නැ..මගේ විශුට ඒම වෙන්නෙ නැ...මයේ රත්තරන්...
බෝට්ටුව හෙලවෙද්දි මම ආයේ ඇස් ඇරියේ...ඕ මගේ විශු ඒ විදිහටම ඉන්නවා..කිසිම කරදරයක් නෑ...එකම එකයි..ඕ ඒ මුලු ඇගම තෙත්වෙලා... අනේ රත්තරන්...උබ හොදින්...ඕ අපි බේරුනා...අනේ...
"මැණික...මේ බලපන්... ඔය දීපු එක උබ රැකපන්...ආ.."
"නෑ ..නෑ...මම විතරක් තනියෙන් රකින්න ඕනේ නෑ..අපි දෙන්න බේරුනා රත්තරන්...ඒ නිසා දෙන්නම රකිමු..."
"එහෙම පුලුහන් උනොත් මාත් ආසයි මයේ අම්මා..."
"නෑ නෑ.විශු එක වෙනව..."
මම එ අතතදින් අල්ලන් කියවන ගත්තා...
"මැණික..ඕක උබේ උපන් දිනේට බලපන්...මම එදාට නැති උනත් ඔබට ඕකෙන් සැනසෙන්න පුලුහන් වෙයි...සත්තයි මැණික..."
"නෑ...උබ නැතිව මම සැනසෙන්නෙ නෑ...මට උබව ඕනේ..."
ඕ මේ වතුර අදික සීතලයි..ඒ නිසම මගේ රත්තරන් හැගෙනවා...අනේ මගේ විශුව බේරලා දෙන්න දෙයියනේ....මට මේ වෙලාවේ අනිත් කිසිම එකෙග්ගේ කෑගැසීම් ඇසුනේ නැ...විශු ඒ ආදරේ විතරයි ඇහුනේ...
ටික ටික විශුව වෙවුලන එක වැඩි උනා...මට බලන් ඉන්න බෑ...ඒ නිසාම මම ඒ තොල් උඩ පුංචියට හාදුවක් තිබ්බා...." රත්තරන් දැන් සීතල අඩුවෙයි... "
"අනේ මැණික....."
YOU ARE READING
ටයිටැනික් 1912 ✔️
Fanfictionනොගැලපෙන ඉසව්වක ගැලූ, අරුත් මුහුදු පතුලේ වැළලී ගිය (අ)ප්රසිද්ධ ආදර රහසේ හිමිකරුවන්..!