ටයිටැනික් 1912
_________________________________________
සීතල වැහිකෝඩු එන්න ඉන්න තියෙන තැනක ඉදන් ඇගම හිරිවැටිලා යන්න එන සුලග එක්ක අදුරු තැනක ඉදන් කෝපි එකක් බොනවා කියන්නේ අමුතුම දෙයක් වගේම...ඒ විපර්යාස වෙන පරිසරයේ සුවද එක්ක එන කෝපි සුවද කියන්නෙම හිතට සැනසීමක්... ඒත් මට විශ්වාස කරන්න බැරි එකම දේ මම ඒ මනුස්සයා දැකලා නැතිව දවසක් ගෙවනවා කියන එක...ඕ මගේ විශු නැතිව මම දවසක් ගෙවුවා...මගේ හිතටත් ඒක රහසක් උනා...කොච්චර ආදරේ දුන්නත් හිමි නැති හිත් කොච්චර තිබ්බද...ඒවගේ හිතක් මගේ හිතත්...අදුරු කරලා තිබ්බ එංගලන්තය අහස නිරායාසයෙන් ඒ වැහි බින්දු පොලවට එවුවේ අලුත් බලාපොරොත්තු ඇති කරගන්නද කියලා මම දන්නේ නෑ...ඒත් හිත පිරිලා ගියා ඒ පෙද වැස්ස එක්ක...
මට ඒ හිත හැර වෙන උන් හිතන විදිහ ප්රශ්නයක් නොවුන නිසා මම ඒ වැස්ස එක්ක සෙල්ලන් කර කර මගේ ගමන් ගියේ...අනිත් ඔක්කොම වැස්සෙන් ආරක්ෂා වෙන්න හෙවනක් හොයද්දි... මම ඒ වැස්සේ තෙමීගෙන ඉදිරියටම ඇවිදන් ගියේ අසීමිත බලාපොරොත්තු ඇතිව... උඩ වැහි වැටෙන මහ විසල් අහස දිහා බලාන් යද්දි කවුරුත් නැති තැනකදි මම කාගෙ හරි විසල් ඇගකට වැදුනේ ආපිට ඒ වැදුනකෙනා කවුද කියලා බැලුවේ..මෙ වැස්සේ මන් වගේම පිස්සෙක් නොවන මනුස්සයා කවුද කියලා...ඕ ආයේ ඒ ඇස් ඉස්සරහ නිරුත්තරයි.... හරි..ඕ.. ඒ මගේ විශු තමා..මම ආදරේ දෙන මගේ මහී... වැස්සට තෙමිලා මගේ ඉනෙන් අල්ලන් ඉන්නේ මම හැම මොහොතේම පතන පිරිමි සුවද....ඒ මොහොතේත් ඒ ඇස් එක්ක මගේ ඇස් ලොකු ගනුදෙවක් වෙලා තිබ්බේ...
වචන නාවට මොකෝ ඇස් ඒකට හරියන්න ඇස් උත්තර බදිනවා...ඒ වැස්සෙන් ආදරේ පෙරන් එන ප්රේමණීය ඇස් දිහා බලාන් උන්නු මන් මොහොතකට අහක බලාගත්තෙ මගේ හැගීම මටම පාලනය නැති වෙද්දි...මට පුලුහන් කමක් නෑ ඒ ඇස් දිහා බලාන් හැගීම් යටගහන්න...
ආයේ ආයේ ඒ ඇගට මාව බර වෙද්දි මම උන්නේ දෙලොවක අතරමන් වෙලා...
"පොඩි උදව්වක් ඕනේ..."
"ඕ...මොකද්ද..."
"ඒක උදව්වක් නෙවෙයි..."
"කියන්න..."
YOU ARE READING
ටයිටැනික් 1912 ✔️
Fanfictionනොගැලපෙන ඉසව්වක ගැලූ, අරුත් මුහුදු පතුලේ වැළලී ගිය (අ)ප්රසිද්ධ ආදර රහසේ හිමිකරුවන්..!