ටයිටැනික් 1912
_________________________________________මම දන්නවා... මේ ලෝකේ හැමෝම විදින්න ආසයි මෙතිල් ඔරේන්ජ් පාට හැන්දෑවක තමාගේ ආදරේ විසින් තමාව දැඩි නින්දකින් හරි ප්‍රේමණීය විදිහට අවදි කිරීමකට... ඕ මම ඒ දේ විදිනවා... මම දන්නේ නෑ ඒ පපුවෙම මම කොච්චර වෙලා නිදිද කියලා...මම හිතන්නේ හෝරා ගානක්... වරුවක් වගේ.... ඕ එයත් තාම බැල්කනි එකට වෙලා ඒ හිටපු විදිහටම නොවෙනස්ව ඉන්නවා... මාව ඒ අත්වලින් වහගෙන...අනේ මෙච්චර ආදරයක්... මං නිදි නිසා එයත් එතනම නිදාගෙන...
"මැණික...නැගිටින්න... අපිට යන්න තියෙනවා..."
අනේ මට බෑ... මේ උණුසුමෙන් අහකට වෙන්න මට පුලුහන් කමක් නෑ... මට අද දවසම මේම ඉන්න ඕනේ...
"කොහෙද විශු...මෙතන ඉදන් මූදට තමා පනින්න වෙන්නේ..."
ඕ ගත්කටට මම විහිලුවක් කරා...
"නෑ..මැණික... අද රෑ පාටි එකක් තියෙනවා.. නැවේ..."
"ආ... එකටද යන් රත්තරන්...යන්..."
මම දන්නේ නෑ අනේ... අද දවසේ වරුවක් වගේ මම ඒ පපුවේ නිදාගත්තා...මීට කලින් මේම කා එක්කවත් ඉදලා නැති වෙද්දි මට ඒ හැගිමට ආස හිතුනා...
මම ඒ ඇගෙන් නැගිටලා යන්න ලැහැස්ස්ති උනා...කලු සුදු එකක් ඇදන් එලියට එද්දි විශුගේඅතේ මගේ වගේම ඇදුමක් අතේ තියන් ඉන්නවා...අනේ ඉතින් ආදරේ හිතෙනවා...
මම ඒ කම්මුල් වලට හාදු තියලා එයාට ඇතුලට යන්නකීවා...
අටේ කනිසම වැදෙද්දි අපි දෙන්න ඒ විසල් ශාලාවලට යන්න ගියේ යාලුවෝ එක්ක...මට හිතෙන්නේ නැවේ තිබ්බ ලොකුම පාටි එක අද තමා තියෙන්නේ...හැමතැනම ලයිට් දාලා රාජ මාලිගා වගේ...ඒ අතරින් අතර සේවකයෝ... තවත් සංගීත වාදකයෝ... ධන කුවේරවෝ ඒ ඔක්කොම හිටියා...ඒත් එක එකාගේ මාන්නේ ගොඩක් වැඩියි... තව එකෙට්ට පලමුවෙන් හිනාවෙන්නෙවත් නෑ... ඒතරම් ලොකු කමක්.. ඒත් මීට දවස් කිපයකට කලින් ගිය අනිත් පැලැන්තියේ අය ඒම නෑ... උන් එක්ක ඉද්දි හරි නිදහස... මෙතනදි අපිට වෙන එකෙක්ව ආවේශ කරගන්න ඕනේ...
අපි එතන ඉදන් කන්න ගත්තා... එක එක අය එක එක විදිහ... විශු බරටම ඒ අය එක්ක කතාව... මම මේසේ යටින් ඒ අත් ඇගිලි අල්ලන් කෑම කන්න ගත්තා...එක එක කෑම තරු පහේ හෝටල් වල නොතිබිච්ච කෑම හැම එකක්ම මේ නැවේ තිබ්බා... ඕනවටත් වඩා තාක්ෂණික බවක්... ඒ නිසාමද මන්දා මට විශු නැති විට පාලුවක් දැනෙන්නේ... නෑ නෑ මට විශු නැති දෙයක් ඕනේ නෑ....
YOU ARE READING
ටයිටැනික් 1912 ✔️
Fanfictionනොගැලපෙන ඉසව්වක ගැලූ, අරුත් මුහුදු පතුලේ වැළලී ගිය (අ)ප්රසිද්ධ ආදර රහසේ හිමිකරුවන්..!