25 මුදුව...

56 8 4
                                    

ටයිටැනික් 1912
_________________________________________

දවස හෙවී... දොලහේ කනිසම වැදෙද්දි මට ජීවිතේට නොදැනුනු බයක් හිතට ආවා... දන්න තරමින් පැය දෙකකින් වගේ නැවක් වතුරින් යටවෙලා ගිලෙනවා... ඕ මට ඇත්ත මොකද්ද වැඩක් නෑ..මටයි විශුටයි හානියක් නොවෙන්න ඕනේ... ඕ හරි ඇත්ත... ආදරේ ලග තම තමා ආත්මාත්තයි....තමා ගැන විතරයි.. තමා කියන්නේ ආදරේ වෙද්දි... එතනින් දෙන්නෙක් කියවෙනවා...

මට ඒ මල්ල දීලා මාවත් එක්කන් ආවේ...ආරක්ෂිත බෝට්ටු වලින් ටයිටැනික් නැවෙන් ආරක්ෂිතව කට්ටියව අයින් කරන තැනට...ඕ එතන එකම එක යුද්දයක්... කලහකාරියි ඕනවටත් වඩා... ඇත්ත තමා බලන්නේ තමගේ එකාලා රැක ගන්න... විසල් පරතරයකට විහිදිලා හිටිය මිනිස්සු අතරේ...විශු කිසිම පැකිලීමක් තොරව...හරි වේගයෙන් මාව එක් කොටසකට එක්කන් ආව...

එක එක අය කිසිම පිලිවෙලක් නැතිව වාද කර කර බෝට්ටුවෙලට නගිනව...ඕ කොහොමද මේවගේ වෙලාවක පිලිවෙලක්... තිබුනොත් තමා පුදුමේ...ඒ කලහාකාරි බව නිසා වෙන්නේ වෙලාව යන එක විතරයි....ඒකෙන් ජීවිත ගොඩක් අනතුරේ...

මට ඇහුනා මහා ශබ්දයක් එක්ක මයික් හඩක්...ඕ දැන්තමා හැමෝටම ඇහෙන විදිහට නිවේදන දෙන්නේ...මම ඒ වෙලාවෙදිත් ඒ පපුවේ හුස්ම විදින ගමන් හිටියේ...
මට විශු එක්ක බේරෙන්න ඕනේ... ඒත් කෝමද...මේ පොඩි ලමයි,ගෑනු කට්ටිට ඉද්දි පිරිමි වෙන අපි කිසි ලැජ්ජාවක් නැතිව බේරෙන්නේ...

"සියලු දෙනා සවන් දෙන්න... පවතින තත්ත්වය හමුවේ.. ප්‍රථමයෙන් කුඩා දරුවන් හා කාන්තාවන් මුලිම්ම ආරක්ෂිත බෝට්ටු කරා යොමු කෙරේ... අවසානයේ පිරිමි උදවියට යාමය සිදුවේ... එහෙත් කුඩා දරුවන් සිටින පිරිමි උදවියට ඒ එක්කම ආරක්ෂිත බෝට්ටු කරා යාමට හැකිවේ... සියලු දෙනා මෙයට අනුගත වෙන්න..."

ඕ ඈතින් ඇහුන ඒ හඩ එක්ක මට එක තැන නතර උනා... ඕ අපිට බේරෙන්න තියෙන එකා තුරුම්පුවත් දැන් නෑ...ඇත්ත හැබැයි... ඕ ඒකට මාව විතරක් වෙනෙයි විශුවත් ගැස්සුනා... අනේ රත්තරන්...මොකද්ද අපි කරන්නේ...

මම නිකමට ඒ මූන දිහා බැලුවා... ඕ ඒ මූනේ කිසිම හැගීමක් නැ...බලාපොරොත්තු විරහිත බැල්මක් මට හෙලුවේ මගේ පපුවම ඇදුම් දෙන්න ගද්දි...

ටයිටැනික් 1912 ✔️Where stories live. Discover now