17 මුදුව...

42 5 1
                                    

ටයිටැනික් 1912
_________________________________________

දවස් වගේම රෑ කෑමත් ඒ කට්ටිය එක්ක ගත්තේ වෙනස්ම දෙයක්ම අරන්... මොකද ලොකු ලොකු කෑම නැති උනාට මාර රහක් ඒකේ තිබ්බේ...ගොඩක් වෙලා හිටිය නිසාම අපි රෑ හතේ කනිසමට අපේ පැලැන්තියට ආවේ හෙම්බත් වෙලා... ආවගමන් ඇගපත හෝදන් ආවේ ඒ පපුවේ තුරුලු වෙන්න...

මම මුලිම්ම හෝදන් ආපු නිසා මම බැල්කනි එකට වෙලා රහස්...ඕ විශුගේ පලවෙනි පොත ඒක මම කියෙවුවා...ඒකේ තිබ්බ දේවල් මට හිතන්න කාලේ වෙන්න කරන්න පුලුහන් උන... ඇත්තටම ඒක අවසානය අපිට ඕන හිතළුවක් වෙන්න පුලුහන් විදිහට හිතන්න ඉතුරු කරා...

රහස් පොතේ ලෝකේ ඉද්දි මාව පිටිපස්සෙන් බදගත්තේ වෙන කවුද ඉතින්...මගේ විශු....ඕ මාගේ බෙල්ල පුරා හාදු තිබ්බේ මාවත් ඒ පොතට වඩා වෙන ලෝකයකට අරන් යන ගමන්....

බෙල්ල පුරා වගේම කන්පෙති අග තිබ්බ හාදු නිසා මට කෙදිරි ගෑවුනා...

"ම්හ්....වි...ශු...."

"මගේ මිනු මේවගේ වෙලාවක ගොඩක් නොරිස්සුම් මැණික..."

"විශු ලග නොරිස්සුම් නොවි වෙන කා ලගද රත්තරන් මං නොරිස්සුම් වෙන්නේ..."

ඕ මේවගේ වෙලාවට මම ගොඩක් නොරිස්සුම්...අද ඒ නොරිස්සුම එයාට දැනෙන විදිහට එලියට දැනිලා..මම නොරිස්සුම් කියලාබ්දැන දැන තාම ඒ විදිහටම මගෙ බෙල්ලේ හාදු තියනවා... ඒ අත්වලින් මාව එයාගේ පැත්තට හරවගෙන ආයේ මගෙ තොල් වලටබර උනේ මමත් ඒඑක්ක ඒ තොල් උරන්න ගද්දි.... ආයේ බෙල්ලට ඒ හාදුව අරන් ආවේ ආයේ ආයේ මාව නොරිස්සුම් කරලා...

"අදට ඇති මැණික...."

ඕ හොර ගෙඩියා... මාව අවුස්සලා දන්නේ නෑ වගේ නවත්තනවා... ආදරේ කරන අයට ඒක ලැජ්ජාවට කාරනයක් නෙවෙයි... ඒ එක්කම මම ඒ පපුවෙන් අයින් වෙලා පයිප්පය අරන් ආවේ දෙන්න එක්ක ඒක උරන්න කියලා... හැමදාම නැති උනත් මම ඉදලා හිටලා හරි ඒක කරනවා....මම දන්නවා විශුත් ඒකට ඇකැමත්තක් නෑ කියලා...

විශු ඇදුමක් දාන් එනකන් මම බැල්කනි එකේ පයිප්පේ උරන ගමන් අහසේ දිලිහෙන තරු දිහා බලාන් උන්නා... එක එක තරු හරි අපූරුවට සඳට එලිය දුන්නා...මට තේරෙනවා අපි ටිකෙන් ටික ඉස්සරහට ඇදී යනබව...ජීවිතෙත් මේම්ම ගමනක්....හරි සැහැල්ලුවෙන් ගලා යනවා මේවගේ ආදරේ පිරිණු මිනිස්සු හම්බුනාම.....

ටයිටැනික් 1912 ✔️Where stories live. Discover now