19 මුදුව...

45 7 2
                                    

ටයිටැනික් 1912
_________________________________________

"මැණිකගේ තරම් නැවුම් රහක් නෑ මේ වැස්සෙවත් මයේ අම්මා..."

මම මොකද්ද උනේ කියලා හිතාගන්න බැරිව ඉද්දි මෙයා කියනවා මගේ තොල් නැවුම්ලු... වැස්සටත් වඩා... අනේ...දෙයියනේ... කෝමද ඒ වචන දරන්නේ...

සාරගේ හීනියට ඇතිවෙන රැලි එක්ක එකතුවෙන ආකාසේ පණිවිඩ ‍රැගත් වැහි කෝඩු එක්කකරන ගණුදෙනු දිහා බලාන් හිටියේ එයා එක්ක වැස්සේ තෙමෙන ගමන්... දන්නවද එකපාරට ඔලුවට ආවේ අපේ පලවෙනි දවස...ඕ එකත් මේවගේ වැස්සක මේවගෙ ගෙම්මන් අදුරු වටපිටාවක... සාගරේ මැද නිසාද,වැස්ස නිසා වලාකුලු වහන් ඉන්න නිසද කියලා  මම දන්නේ නෑ... ඒත් දවස් දෙක පහුවෙලා තිබ්බත් වෙනදට වඩා ගොම්මන් පාටක් ගන්න අද අහසට පුලුහන් උනා...

අඩ හෝරාවක් විතරක් තෙමුනේ නැත්තන් දෙන්නටම අසනීප වෙනවා කියලා දන්න නිසා...
අපි අත පටලන් දිග කොරිඩෝවේ ඇවිදන් යන්න ගත්තා... ඕ එතන නිදහසේ සංගීත වයන උදවිය හිටියා...මම හෙන ආසාවෙන් ඒදිහා බලාන් හිටියා...ඒවා වෙන භාෂාවලින් වාදනය උනේ... එක සිංදුවක් ඉවර වෙද්දි මම හිනාවෙවි අත්පොඩි ගහන්න ගත්තේ ඒඅවට ටික ටික සෙනග ගොඩ ගැහිලා ඉද්දි... මට පේනවා එතන කලින් අහන් හිටිය කෙනෙක් ආයේ එයාගේ භාෂාවෙන් කියන්නගත්තා... ඕ ඒ සින්දුව වෙන භාෂාවක උනාට හිත නිවන සංගීතයක් තිබ්බේ... ඒ කෙනා සින්දුව කියද්දි ඒඅවට අය එතන ලගම තැන තැන ඉදගෙන අහන් හිටියා... මම ඒ එක්කම විශු දිහා බැලුවේ... අනෙ ඒ ඇස් වල දිස්නේ දැක්කාම මට ඇත්තටම ඒ සින්දුව නවත්තන්න දෙන්න හිතෙන්නේ නෑ... ඒතරම් ඒ ඇස් දිලිසෙනවා...

එතන හිටිය වගේම අහන් හිටිය හැමෝම ඒකට අත්පොළසන් දෙන්න ගත්තා... එතන කලිම් වාදනය කරන් හිටිය වාදකයන්ගේ නායකයාවගේ කෙනා තව කෙනෙක්ට සිංදුවක් කියන්න ආයේ ආරාධනා කරා... අන්තිමට එයා විශුගේ පැත්තට මයික් එක දෙන්න ගත්තා... අනේ ඉතින් ලැජ්ජකාරයා... මං ලග විතරනේ අනිත් ඔක්කොම... අනේ නෑ... එයා කිසි පැකිලීමකින් තොරව මයික් එක අතට ගත්තා... ඒක අල්ලන් දිලිසෙන ඇස් වලින් මට හිනා උනා... අනේ දෙයියනේ... මම ඒ ඇස් දිහා බලන් හිනා වෙලා සින්දුව කියන්න අවසරේ දුන්නා...

ටයිටැනික් 1912 ✔️Where stories live. Discover now