ටයිටැනික් 1912
_________________________________________හැමමොහොතක්ම විදින්න ඕනේ... හරි ලස්සන විදිහට...විනාඩි කිහිපයක් ඉවර උනාම තව සින්දුවකට ගියේ ඒ ඇස් මගේ රූපේ එක්ක හොද සන්වාදයක හිටියේ කියන්න මම දන්නවා...ඒ එක්කම මට ඇහුනේ නිවේදනේ...ඕ අපිට... නෑ අපිට කෙසේ වෙතත් මට දැන් ඒ හැගීම දාලා යන්න වෙනවා... ආයේ පුටුවෙන් ඔලුව තියාගත්තේ ඒ දැනෙන දේ දාලා යන්න බැරිකමට පසුතැවිලි වෙද්දි....මම බෑග් එක අතට ගත්තාම එයා කලබලෙන් ඉයර් ෂෝන් එක ගලවලා මට දුන්නා... මට ඒක ගන්න තරම් හිතක් නෑ...මොකද මොහොතකට හරි එයාට ඒකෙන් සතුටක් දැනුනද කවුද දන්නේ... ඒත් මොනවා කරන්නද...මට පුලුහන් කමක් නෑ නැවතෙන්න....මමත් හරි ලස්සන හිනා උනේ හිතේ තියෙන හැගීමම එලියට පෙන්නන ගමන්...
"යන්නම්....."
මම ආයේ හිනාවෙලා එයාට කිවුවා... එයත් මොකක් හරි කියන්න කලින් මම මගේ ඒවත් උස්සන් ආවේ ඇත්තටම මට ඇස්වල කදුලු ඇවිත් ඒ ටිකට... ආහේතුකව කදුලු එන්නේ ඇයි කියල මම තාම මගෙන් අහනවා... ඒ ඔක්කොම හිර කරන් මම ආවේ නිදහසක් හිතල හිතන් ඉන්න හිස්මවත් ගන්න බැරි නිදහසකට යන්න...
මම ගිහින් මට අදාල තැනේ ඉදගත්තේ මගේ සීට් වල කවුරුත් නැති වෙද්දි......මම ආයේ ආයේ ඒ ඇස් මතක් කරන්න දගලනවා... ඒත් ඒ ඇස් මට තාම ආගන්තුක නිසාමද මන්දා...ඇස් පියාගෙන හිතන්න බලද්දි කලු චායාවක් විතරක් එනවා....ඕ ඒක ආයේ ආයේ මතක් කරන්න යන නිසා මට ඔලුව පුපුරන්න ආවේ යටි හිත ආයේ හිතන්න එපා කියලා හිතට තරවටු කරන ගමන්..... මම එහෙම්ම ඔලුව සීට් එකට තියා ගත්තේ මගේ ලගට කවුද එන්නෙවත් කියල මට දකින්න ඕන උනේ නෑ...
ඕ මට හිතෙන්නේ මම ලස්සනම දර්ශනය මට මගහැරුනා....මට නින්ද ගිහින්....හිතේ දුක නිවෙන්න...ආගන්තුක ඇස් මතක් කරගෙන ඇස් වහගත්තාම මට ඉබේටම නින්ද ගිහින්.....කමක් නෑ දැක්ක නැති එකක් නෙවෙයි....ඒත් මම හොදට නිදියන් ඉන්නේ කාගෙ හරි උරහිසකට කියල දැනුනේ ඒ වෙලාවෙයි.......මම ටග්ගාලා අයින් උනේ...මම කැමති නෑ...ආදරේ කරන අයට හැර අනිත් අය ඉදිරියේ මේම ඉන්නවාට....... මම ඒ මනුස්සයා දිහා බලලා කතා කරන්න ගියත් මට ඒකත් අමතක උනේ ඇයි කියලා මමම හේතු හොයනවා.... ඇයි...ඇයි...ඒ ඇස් වල මන් මෙච්චර හිර වෙන්නේ... ඕ ඒ සිමෙන්ති පාට මනුස්සයා තමා මගේ නින්දට සුවපහසු සුවයක් විදිහට එයාගේ උරහිස දීලා තිබ්බේ...මගෙන් උන අතපසු වීමද මට අමතක උනේ ඒ ඇස් වල ඉදන් රූපේ එක්ක ගනුදෙනු කරන ගමන්....
YOU ARE READING
ටයිටැනික් 1912 ✔️
Fanfictionනොගැලපෙන ඉසව්වක ගැලූ, අරුත් මුහුදු පතුලේ වැළලී ගිය (අ)ප්රසිද්ධ ආදර රහසේ හිමිකරුවන්..!