18 මුදුව...

48 7 0
                                    

ටයිටැනික් 1912
_________________________________________

එංගලන්තය ඇමරිකා අහස් දෙක අතර හැමතැනම ආලෝක කරන වැටෙන හිරු එලිය නිසාම ඒ ජනෙල් අතරේන් මගේ මූනට වැටුන හීන් අව්ව නිසා මට හැම හිතලු හීන වලින්ම ,ඇහැරෙන්න උනා... ඕ මගේ ඔලුව ඒ හයිය අත් උඩ යස අගේට නිදහස හොයන් නිදගෙන... එක එක ආදරණීය දොඩමලු වලින් පස්සෙ ආදරේන් මොහොතකට විඩා උනු හිත් දෙකක් ඒ විදිහට රෑයාමක නිදහස හෙව්වා...

මම ඒ දෙවියන් විසින් අඹපු මූන දිහා බලාන් හිටියා... ඕ ඇත්තටම ඒක දෙවියන් විසින් අඹපු ආදරණීය රූපයක්... හිතපිරෙන,ආදරේ හිතෙන රූපයක්... ඒක කල්පයක් උනත් බලන් ඉන්න පුලුහන් උන මූනක්...

මම ඒ මූන උඩ ඉදන් පහලට අල්ලන් ගියේ අයිතිය දැනටම දීලා නිසා... ඕ ඒ එක්කම උදේ උනාට මොකේ කොහෙන්ද ආපු ගෙරවිල්ලක් මුලු අහසම දෙදරන් සද්ද කරා... ඒ සද්දෙට මගේ විශු නැගිට්ටා... ඕ මට ඒ ගෙරවීම එක්ක මාර තරහයි... මොකද ලස්සන නින්දක හිටිය මගේ ආත්මේ නැගිට්ටා...

කොච්චර අහස දෙදරුවක් ඒකෙන් මොන මූසල කතා කියන්න ඉගිකරත්... ඒ පින්සාර මූනම ඇති නිමෙන්න... ඒ නොරිස්සුම් ඇස්ම ඇති සැනසෙන්න....

"මැණික... ඇයි මේ...."

"මුකුත් නෑ... ඇයි මේ උදේක මේම..."

"ඒක හිතන්න එපා මැණික... මයෙ අම්මා මං ලග ඉද්දි කොහෙන්ද බං මට මූසලකම්..... "

ඕ ඒක ඇත්ත වෙන්න ඇති මොකද මට එයාලග නිදහස් එයාට මං ලග නිදහස්.... ඒ ඇති අපිට අපි හැර කවුරුත් නැති මේ නොදන්න ලෝකේ මට විශු...විශුට මම හිටිය නම් හොදටම ඇති....

අහසම දෙදරන් කැලඹුනු නිසා අපි දෙන්න කාමරෙන් එලියට ඇවිත් කෑම ගන්න ගත්තා... ඇත්තටම පැයක් විතර යද්දි කාල ඉවර උනත් ඒ වීදි අවන්හල් විදිහට හදලා තිබ්බ තැනේ ඒ නිදහස් පපුවේ ඔලුව තියන් තාත්වික විදි අවන්හලේ නිදහස වින්දා...

ඕ ඒම තමා... මට කියන්න තේරෙන්නේ නෑ... තමා ආදරේ කරන කෙනා ලග දැනෙන ඒ නිදහස...විශේෂයෙන් විශු වගේ ආදරයක් ලග ඇත්තටම කිසිම රාමු නැති,ටැග් කරන්නේ නැති,නිදහසම දෙන්න පතන මිනිස්සු හරි ලස්සනට ආදරේ දුන්නා... ඒ ආදරේ ලග ඒ ඒ අයට අයිති ආත්ම තදින් බැදුනා... අපිත් ඒමයි... මොනදේ ආවත් වෙන් කරන්න පුලුහන් විදිහේ බැදීමක නෙවෙයි අපි අද බැදිලා ඉන්නේ....

ටයිටැනික් 1912 ✔️Where stories live. Discover now