ටයිටැනික් 1912
_________________________________________හතේ කනිසම වැදෙද්දි අපි හෝටලෙන් පිටවුනේ සවුත්හැම්ප්ටන් වරායට යන්න... මොකද එතන තමා නැව නතර කරලා තියෙන්නේ... එතන මහා විසල් තැනක් වගේම මාර කලබලයක් තිබ්බේ... මොකද මේ නෞකාවේ මංගල ගමන මේ... අති දැවැන්ත සුඛෝපභෝගී තත්වයේ ප්රථම නෞකාව තමා ටයිටැනික්... අර් එම් එස් ටයිටැනික් කියන්නේ...
තව ටික හෝරාවකින් කුලුදුල් ගමන් ආරබන ටයිටැනික් මේ වරායෙ ඉදන් ඇමරිකා නිවුයෝක් දක්වා ගමන් පථය වැටී තිබුනා...
ඉතා ධනවත් කුවෝරයෝ ඉදන් පීඩිත පන්තියේ පහලම මිනිස්සුන් රැගෙන යන්න බලාපොරොත්තු තියන් ඉන්නේ... එතන කලබලේ පටන්ගත්තේ නැවට ටිකට් බලලා නග්ග ගන්න යන වෙලාවේ... අපි දෙන්නට ගැලපෙන විදිහට පලමු පන්තියේ ටිකට් පත් ගත්ත නිසා හරි පිලිවෙලකට යන්න පුලුහන් උනා...
"විශු......"
"ඕ මැණික...කියන්න..."
"දන්නවද.... අපේ වගේම මේ නැවෙත් මංගල ගමන මේ..."
"අපිට හැමෝම ආශිර්වාද කරනවා වගේ නේද හැමෝම...."
"අපි වගේ ආදරවන්තයන්ට ආශිර්වාද නොකර කාට ආශිර්වාද කරන්නද...."
නැවට නගින්න කලින් කීව අන්තිම වචන ටික... මාවත් තුරුලු කරන් බඩු ටිකත් එක්ක අපි නැග්ගා...
ඕ ඇත්තටම මම මේ නැවකට නැග්ග පලවෙනි සැරේ... චිත්රපටියකින්වත් නොදැකපු තරම් ලොකුයි....වගේම සැප පහසයි... මට ඒ වෙලාවෙදි දැනුන දේ කියන්න තේරෙන්නේ නැ... ඒත් කට්ටිය වැඩියි...සෙනග නිසා මම තදින් විශුගේ අත අල්ලගත්තේ මගහැරෙයි කියන බය නිසා... මොන තදියම තිබ්බත් අපිට අදාල කොටසට ගියාම වෙනම නිදහසක් දැනුනේ.... එතන හිටිය මිනිස්සුන්ගේ ඇදුමෙන් පැලදුමෙන් පවා පේනවා ධන කුවෝරයෝ කියලා... අමුතු පැලැන්තියක් පුදුම ලොකුකමක් තියෙන්නේ...අනේ මට මොකෝ මගේ මිනිහා මගේ එක්කනේ...මම ඒ අතඑක්ක පටලන් මගේ මුද්ද දිහා බලන්න ගත්තා.... ඕ ඇත්තටම ඒක වෙනම එක්වීමක්.....
YOU ARE READING
ටයිටැනික් 1912 ✔️
Fanfictionනොගැලපෙන ඉසව්වක ගැලූ, අරුත් මුහුදු පතුලේ වැළලී ගිය (අ)ප්රසිද්ධ ආදර රහසේ හිමිකරුවන්..!