ටයිටැනික් 1912
_________________________________________ඕ මාව කරකලා අතහැරියා වගේ... මම ඒ අත මුකුත් නොකර ඉද්දි එයාම මගේ අත අතහැරියා... ඒකට මම මටම දොස් දුන්නේ...වෙනදා ඒකේ විරුද්ධ දේ වෙන නිසා...මම ඒ එක්කම අහක බලා ගත්තේ මට ඒ ඇස් වලින් ගලන ආදරේ දරන්න බෑ..එක හිතකට ඒක බර වැඩියි... අහක බැලුවට මොකෝ හිතේ ඇදුනෙම ඒ නොරිස්සුම් ඇස් දෙක... ඒක්කම මගේ අතවලට ආයේ බරක් වෙදි මම ඒ බර දැනෙන තැන දිහා බැලුවේ...මගේ අත උඩ පොතක් තියලා ආපිට මගේ එක්ක හිනා වෙන ඒ මනුස්සයා දිහා මම බැලුවා...
"නිදහස් වෙලාවක කියවන්න...මගේ පලවෙනි පොත..."
ඕ...එයාගේ පලවෙනි පොතලු...මන් හිතන්නේ එයා ලියලා තියෙන්නේ... මම ඒ පොත අතට ගත්තා...
රහස්
විශුල්‍ය මහිමහරි හිත නිවෙන විදිහේ පිට කවරයක් එක්ක ඒ නම් දෙක ලියලා තිබ්බා...මම හිතන්නේ එයාගේ නම විශුල්‍ය මහිම...විශු.... මමත් මගේ හිතින් එයාට ආදරණීය නමක් දීලා ඉවරයි....මට එයාගෙන් තොර ලොවක් හිතන්න පුලුහන් කමක් නෑ...ඇත්තටම නෑ...ජීවත් වෙන්න හේතු දුන්න මනුස්සයා මගේ එහා පැත්තේ ඉද්දි මට වෙන ලෝක මොකටද....
මම හිනාවෙලා ඒක මගේ පපුවට තදකර ගත්තා....ඒක මම හිතලා කරේ නෑ...ඒත් නිරායාසයෙන් ඒක උනා...ඒ ආදරේ නිසා වෙන්න ඇති..... මම ආදරේ කරන්න කිසිම හේතුවක් නැති වෙද්දි...ඒ හේතුව මොකද්ද කියලා හිතලා වදවෙන්න මම ඕන උනේ නෑ....
ආයෙම ඒ රූපේ නොපෙනෙන විදිහට අපි සමුගත්තේ පැය ගනනක හෝ සියුම් ආදරේ මොහොතවල් දෙන්නගෙම හිත් වලින් විදින ගමන්... මට කෑගහන්න ඕනේ...මාව දාලා යන්න එපා කියලා...ඒත් අපි ආයේ වෙන් උනේ බලාපොරොත්තු නැතිව...ඒ එක නිමේෂයක ආදරේ නොසෑහෙන්න දැනුනා...වින්දා...මට එයා මගේ ලගින් ගියා කියලා මට හිතන්න ඕනේ නෑ...ඒත් ඇත්ත ඒක වෙද්දි මම මොනතරම් අසරණ උනාද කියලා මම විතරයි දන්නේ...
YOU ARE READING
ටයිටැනික් 1912 ✔️
Fanfictionනොගැලපෙන ඉසව්වක ගැලූ, අරුත් මුහුදු පතුලේ වැළලී ගිය (අ)ප්රසිද්ධ ආදර රහසේ හිමිකරුවන්..!