උදෑසන අවදිව පෘථිවි සමග සදරැස් පහලට ආවේ නිවසට පැමිනි තම මව වූ නීතා මුන ගැසීමටය.උනුසුම් වැලද ගැනීම් හා කතාබහකින් අනතුරුව ආහාර අනුභව කල ඇය සදරැස්ගේ පොත් ඔහු අතට ලබා දී හොදින් ඉගෙනුම් කටයුතු කරන්න යැයි පවසා නික්ම ගියාය.ඒ සමගම නිවසට ආවේ පොත්පත් හා කඩචෝරු රැගත් තම මිතුරන් ය.
"ආ උබලා ආවද..මන් ඒත් බැලුවො ඇයි පරක්කු කියලා.."
"ආවා තම යකෝ..අදත් එනවා..හෙටත් එනවා..ඇයි අවුල්ද.."
කියමින් චලන පඩිපෙල නගින්න පටන් ගත්තා.ඉතින් සැවොම සිනාසෙමින් පඩිපෙල නගින්න පටන් ගත්තා.නිවැසියන් පෙනෙන්න නැති නිසා පෘථිවි සදරැස්ව දෑත් වලින් වඩාගෙන පඩිපෙල නගින්නට උනා.පිටුපස බැලූ චලන,
"ආව්...ආව්...ආව්...කකුල මගේ.....''
කියමින් කකුල අල්ලනට උනා.
"මොකද බන්" ඒ රොශේන්
"ආ ..මේ බල්ලෙක් පැන්නා"
"මේ පඩිපෙලේ කොහෙද බල්ලෙක්"
"ආ ඌ මට විතරයි පේන්නෙ..ෆ්රී ලිෆ්ට් එකක් ගන්න බැලුවේ උඩට යන්න.බල්ලා පැනපු නිසා දැන් මගෙත් කකුල අවුල්"
කියමින් පෘථිවිට විරිත්තා පඩිපෙල දිගේ ඉහලට නැග ගියා.සැවොම සිනා සෙමින් පෘථිවිගේ කාමරයට ආවා.කල්පත් රොශේනුත් චලනත් gc පොත් දිගහැර අනාවරණ ප්රශ්න පත්රයක් දිග අරිමින් සාකච්ඡා කරන්නට උනා.
"හැලනිකරණය නම් වූ රෝමයන්ගේ ග්රීක රෝම ශිෂ්ඨාචාරය ජීවිතවලට බලපා ඇති විවිධ අංශ නම් කරන්න.. බලපන් පලවෙනි ප්රශ්නෙන්ම කෙලවෙනවනේ... ආ සදරැස් කියපන් බලන්න උත්තරේ මොකක්ද කියලා" චලන සදරැස් දෙස හැරී ඇස් ලොකු කරන් ඇසුවා.
"ආ...මේ....මොකක්ද..මන් දන්නෙ නෑ"
"හරි ඉතින් ඔව්නෙ උබ දන්නෙ නෑනෙ..උබ මේ subject එක කරන්නෙ නෑනෙ.''
"උබට track ද." පෘථිවි චලනගේ හිසට පහරක් ගසා සිංහල පොත අතට ගෙන සදරැස් ලගින් වාඩි උනා.
"සද ඔයාට අද මන් සන්ධි කියලා දෙන්නම්.චලනට නම් හොදටම පුලුවන් මේ කෑල්ල"
"සන්ධි නෙවේ මට දැන් මෙව්වා බලලා විසන්ධි වෙලා තියෙන්නෙ"
චලන පැවසුවේ සියල්ලම සිනා නංවමින්.ඉතින් ඔවුන් සියල්ල එක් වී තම තමන්ගේ විශයන් සහයෝගයෙන් ඉගෙනගත්තා.පෘථිවිගෙ මව ගෙන ආ උනුසුම් මයිලෝ කෝප්පරැගෙන ඔවුන් පානය කරන්නට උනා.
YOU ARE READING
සියුම් පහර | $i¥um Paha®a 🎯✨ [ © ✅ ]
Fantasy" මේකට කියන්නෙ ආදරේ කියලනම්,මන් උබට පිස්සුවෙන් වගේ ආදරෙයි සඳරැස් " සියුම් පහරකින් ආදරයක් උපදින්නම බැරිද ? පෘථිවි සඳරැස් බූවලු ආදර කතාවට සුහද ඇරයුම්.. 🥋✨️✒ • සියුම්පහර 1 • හත්පොරොන්දු ( සියුම්පහර 2 ) 18+
![සියුම් පහර | $i¥um Paha®a 🎯✨ [ © ✅ ]](https://img.wattpad.com/cover/377121685-64-k90457.jpg)