41 වන කොටස

5.4K 394 52
                                        

" පුතාලා ආවද "

" ඔව් තාත්තා මහන්සී ටිකක්.ජයවර්ධන අන්කල්ගෙ ගෙදරත් ගිහින්ම ආවේ "

" මේ දරුවත් එක්ක.මොනවා..?? මහසෙන්ලගෙ ගෙදර ගියා? "

" ඔව් අන්කල්.පෘථූ මාව එක්කගෙන ගියා."

මන් දිග හුස්මක් ගත්තා. අපේ ගෙදර ඉදන් රෑ වෙන්න කලින් අපි බූවලුස්ගෙ ගෙදරට ආවා. තිලින අංකල් හරි ආදරෙන් මාව එයාගෙ ගෙදරට පිලිගත්තා. අපේ ගෙදර ගිහින් අද උනු සිද්දි ටිකත් අපි දෙන්නා මාරුවෙන් මාරුවට එයාට කිව්වා වෙද්දි ඒ මූනෙන් හරි සතුටු බවක් පෙනුනා. අනේ ඉතින් මන් කොච්චර කාලෙකින්ද මෙහෙ ආවේ. හැමදේම තිබ්බ විදිහටම තිබිලා. මන් විතරයි මේ හැමෝගෙන්ම වෙන් වෙලා ඉදලා තියෙන්නෙ.අනේ මන්දා.ඉස්සර ඉතින් මේකත් මගෙ ගෙදර වගේ තමයි. දැන් කියලත් වෙනසක් නෑ.පවුලෙ බාලයටනෙ ගේ හම්බෙන්නෙ. එතකොට මේ ගෙදර මගෙ මිනිහගෙ. මිනිහා මගේ- මන් මිනිහගේ.මිනිහගෙ දෙයක් කියන්නෙ මගෙ වගෙ තමා. දැක්කනෙ ඉතින් කොහෙන් බැලුවත් කොල්ලට වාසී..

" එහෙනම් පුතාලා දෙන්නා පරිස්සමින් ඉන්න"

" ඔව් පුතා රෑට මන් උයලා තියෙන්නෙ. කාලා දොරවල් වහන් පරිස්සමට ඉන්න හරිද "

" අයියෝ අම්මා මන් පොඩි එකෙක් නෙවේ දැන්. අනික අමුතුවෙන් මුදුන්කොටුව ගෙදර ඇතුලට පනට ආදරේ එකෙක් රිංගන්නෙ නෑනේ අම්මා"

" තාත්තා වාගෙම නැතෑ පුතන්ඩියත් "

ගීතානි ආන්ටියි තිලින අංකලුයි තරුන් අයියලගෙ ගෙදර යන්නලු. අක්කිට බබෙක් හම්බෙන්නලුනෙ. අද මුලු ගෙදරටම මේකයි මායි විතරයි ඉන්නෙ. කමක් නැ ආන්ටි උයලා ගිහිල්ලනෙ. මන් කොච්චර ආසද ආන්ටිගෙ කෑම කන්න. හරි රසයි අපේ අම්මගෙ වගේ. කාලයක් ඉතින් මන් මෙහෙම්මනෙ කෑවේ.අපි ආන්ටිටයි අන්කල්ටයි වැදලා එයාලා යනකන් ඉදලා දොරවල් ලොක් කලා. මූ කිව්වා වගේම අංකලුත් කිව්වෙ නම් මෙහෙට කවදාවත් හොරෙක් ඇවිත් නෑලු. ඔව් ඉතින් තාත්තාගෙයි පුතාගෙනුයි පාරක් කෑවොත් එලොව තමා ඉන්න වෙන්නෙ.

" කෝ දෙන්නකො ඒයි"

"ම්ම්ම්ම්"

" අනේ මන්දා "

සියුම් පහර | $i¥um Paha®a 🎯✨ [ © ✅ ]Where stories live. Discover now