37 වන කොටස

5.6K 396 67
                                        


" නැන්දා මටත් මයිලෝ එකක්ම හදන්න "

අනේ ඉතින් එක ලග ඉන්නකොට අනිත් කෙනාගෙ දේවල් ඔටෝම බෝවෙනවලුනෙ. අද ඉදන් මන් බොන්නෙත් මයිලෝ තමයි. අනික ඒවගෙ මන් හිතපු තරම් අවුලක් නෑ. රසයිනෙ.

" ආහ් "

අම්මට සිරි රදීශයා. ඊයේ රෑ අතුරුදන් වෙච්ච මේ බූත පැටියා එක පාර කුස්සියෙන් මතු උනා වෙද්දි මගෙ කටේ කෙලත් හිදුනා.

" ආ මේ නැන්දා මයිලෝ නම් මාරම අප්පිරියයි. ශිට් මන් නම් ආසම නෑ. ඔය නෙස්ටමෝල්ට් එකෙන් තව හැන්දක් වැඩිපුර දාලා මට හදන්න "

කියල කට ගත්තා විතරයි බූවලුකාරයත් කුස්සියේ දොරෙන් මතු උනා. ඕන්න ඕකයි ප්‍රශ්නේ.

" එක්කො නැන්දා වෙනසකටත් එක්ක නෙස්ටමෝල්ට් හැන්දකුයි මයිලෝ හැන්දකුයි දෙකම දාන්න මගෙ එකට "

" පිස්සුද ලමයො.යන්න ගිහින් ලෑස්ති වෙන්න.පරක්කු වෙනවා නේද "

" ආ ඔව් නැන්දා "

ඇති යාන්තන් එකෙක්ගෙවත් මූන බලන්නෙ නැතුව මන් එතනින් ටක්ගාලා වාශ්ප උනා. බලන් කඩතුරා හැර දෑසේ කිව්වලු. සුවද සබන් ඇග ගාලා හායි හායි කියලා මන් සූප්පර් වොශ් එකක් දාලා කාමරෙන් එලියට ආවා. රදීශයා ලෑස්ති වෙලා පල්ලෙහාට එන්න කලින් මන් බූවලුස්ගේ කාමරේ පැත්තට යන්න ගියා. ඒත් දොර ලොක් කරලනෙ. මූ ගිහින්වත්ද. අනික මට නොකියා. එලියට ගිහින් මන් බයික් එක තියනවද බැලුවා. බයික් එකත් නෑ. ඒකියන්නෙ මූ ගිහින්. අනේ ඇත්තමයි හා හා පුරා කැමැත්ත දුන්නා විතරයි පෙනේද මේකා මට සලකන විදිහ. යාලුවෙන්න අහන කාලේ පස්සෙන් එනකොට තියන ආදරේ කෝ බන් යාලුඋනාට පස්සෙ. අනේ මුගෙත් කැටයම්.















" කෝ බන් ලෝඩ් වෙන්නෙ නෑනෙ"

" කැම්පස් එකේ wifi වලින් කනෙක්ට් වෙයන්"

" අඩෝ මට 62යි බන්.ඇති යාන්තයි "

" අනේ මට 64 ක් තියනවා වදේ "

" මටත් 60ක් තියනවා.මිහිබබා කෝ තාම ලෝඩ් උනේ නැද්ද "

" අම්මට සිරි මට 72යි ඒයි "

" ශා මරුනේ වදේ "

" රදීශ් උබට කීයද "

එක්සෑම් එකේ රිසාල්ට් අවුට් වෙලා.ගැම්මක් තමා අපේ උන් ඔක්කොටම 40ට වැඩියෙන් තිබ්බා.සෙට් එකම ගොඩ තමා. කෝ ඉතින් රදීශයා උගේ මාක්ස් කියන්නෙ නෑනෙ.

සියුම් පහර | $i¥um Paha®a 🎯✨ [ © ✅ ]Where stories live. Discover now