" අනේ මට බෑ උට්ට. උබලා යමන්. ආස නෑ ඕවට"
" උබව තනියම දාලා යන්න බෑනේ මිහින්. මට කියලා වදුරු කුනුහර්ප අහගන්නෙ නැතුව වරෙන් යන්න"
අපි සෙට් එක මේ හෝල් එකට ආව සිංහබාහු බලන්න කියලා. අපේ බැජ් එකේ රෙඩ් ක්‍රොස් සොසයිට් එකේ උන් අද පොඩි නාට්‍යක් කරනවා. මේවගෙන් හොයන සල්ලි වලින්ලු අසරණ ලමයිට උදව් කරන්නෙ. ඒලෙවල් වලට සිංහල කරෙත් වෙන කරන්න සබ්ජෙක්ට් එකක් තිබ්බෙ නැති නිසා.සිංහබාහු ගැන විචාර ලියන්න තිබ්බට මන් අඩුම ඒක හරියට කියවලාවත් නෑ. සොයිටි එකට අනිත් උන්ගෙත් නම් දාලා රියල් මෙම්බර්ශිප් එකක් අරගත්ත මන් ඒකට නොයා බෑ කියලා මේ රදීශයා මාවත් ඇදගෙන ආවා. ආ ඉතින් අවුලක් නෑ සැපට නින්දක් දාන්න තියෙන්නෙ.අපේ ටාශියත් සිංහසීවලීට ඇක්ට් කරනවා කිව්වෙ. අමෝර් අමෝර් හිච්චි සීවලී...හෝල් එකේ ලයිට් නිවෙනවත් එක්කම ටිකෙන් ටික නාට්‍ය පටන් ගත්තා.
" තෝ නිදිද. අඩුම ගත්ත ටිකට් එකටවත් සාදාරණයක් කරපන්"
" උබනෙ බල්ලො එක්කන් ආවේ.අනික මට ඕවා සෙට් නෑ රදීශ්"
ඇස් පියාගෙනම මන් එහෙම කිව්වා. අනික කලුවරෙ සද්ද තැන් වල ඉන්න එක මට කොහොමත්ම සෙට් නෑ.
" වැඩ සටහන ඉස්සරහට කරගෙන යන්න ඔයාලගෙ නිශ්ශබ්දතාවය ගොඩක් වටිනවා. කරුණාකරලා ඒකට ඔයාලගෙ සපෝට් එක දෙන්න "
මට ඇහුනා ස්ටේජ් එකෙන් සද්දයක් ආවා. ඔව් ඉතින් බෝරින්නෙ. කව්ද ඉතින් සද්ද නැතුව ඕකටම ෆෝකස් එක දෙන්නෙ. එක්කො මන් වගේ නින්දක් දාන් පාඩුවේ ඉන්න ඕනෙ. මන් හිමීට ඇස් ඇරියා. යාලුවගෙ කීමට සිංහබාහු බලන්න ගිහින් අතර මැදදී සිංහයා ස්ටේජ් එක උඩ ඉදන් කෑ ගහන්න එපා කියලා බනිනවා ඇහුනම,
සැප නින්දක් දාන් හිටපු මම....
"සිංහයාට මල පැනලා මොකද"
හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න දැකලා පුරුදු මූනක්.
"රදීශ් මට සිංහයව දැකලා පුරුදුයිනෙ"
"ඒක තමා පගෝ ඇස් ඇරලා බලන්න කිව්වෙ"
දෙයියනේ පෘථිවි.. සිංහයට ඇදලා.. කැරිම තේජසක් ඒකගෙ.. මගෙ හැමතැනිම වගේ හිනා ගියා..සැක්..කොන්ඩෙත් වවලානේ ඒකා නම් සිංහයට පට්ට මැචින්. දැන් ජැපනීස් කලාට ඒ කාලෙ උගෙ ආසම සබ්ජෙක්ට් එක සිංහලනෙ. යකො මුට පුදුම හැකියාවක්නෙ තියෙන්නෙ. චිත්‍ර නම් චිත්‍ර.සිංදු නම් සිංදු. නාට්‍ය නම් නාට්‍ය. නලුවොත් කොරවෙනවා මේකගේ හැකියාවල් වලට. ඒක නෙවේ මොකක්ද බන් ඒ දාන් ඉන්න ඔටුන්න. අම්මෙහ් හිනා ගිහින් බඩත් රිදෙනවා...ගල්ලෙන බිදලා ලෙන් දොර ඇරලා...සිංහ බා...සිංහ බා...සිංහ බා... Eww eww....
YOU ARE READING
සියුම් පහර | $i¥um Paha®a 🎯✨ [ © ✅ ]
Fantasy" මේකට කියන්නෙ ආදරේ කියලනම්,මන් උබට පිස්සුවෙන් වගේ ආදරෙයි සඳරැස් " සියුම් පහරකින් ආදරයක් උපදින්නම බැරිද ? පෘථිවි සඳරැස් බූවලු ආදර කතාවට සුහද ඇරයුම්.. 🥋✨️✒ • සියුම්පහර 1 • හත්පොරොන්දු ( සියුම්පහර 2 ) 18+
![සියුම් පහර | $i¥um Paha®a 🎯✨ [ © ✅ ]](https://img.wattpad.com/cover/377121685-64-k90457.jpg)