47 වන කොටස

4.6K 330 70
                                        


" පැතූ පෙම් පැතුම් මල්, ඉහිරීලා
ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
අනන්තේ සිසාරා රහසේ මා
පියාඹන්න ආසයි ඔබ හා මා...

අනේ මන් බලාන උන්නා,
යලිත් ඔබ එතැයි කියා...
සිනා රන් කැලුම් සලලා
මගෙ සන්ද උදාවෙල....."

" මිහින් ඉක්මනට වරෙන් බන් "

" ටිකක් ඉන්නකො ඒයි "

මන් ඉතින් උදේ පාන්දර ෆුල් වොශ් එකක් දාන ගමන්. ඒකත් ලේසී නෑනේ ඒයි.ක්ලෙන්සර් ඇප්ලයි කරන්නයි ස්ක්‍රබ් කරන්නයි පැක් දාන්නමයි සෑහෙන වෙලාවක් යනවනෙ.අනික බොඩි ලෝශන් එක හොදට ගාන්න ඕනේ.සුවදට ඉන්න එපැයි.මන් කියලා මහා ලොකු දේවල් කරන්නෙ නෑනේ.එකෙන්ම අපි සරල මිනිස්සු. රදීශයට නම් ඉතින් ඔය මගෙ ලස්සන වොයිස් එක අහන්න බැරුව පැලියාව..වොශ් දාන්න ආවොත් ලස්සන සින්දු සෙට් එකක් නම් ඔටෝම කියවෙනවා. අනේ මන්දා ඉතින් දෛවයේ සරදම්...

ට්‍රිප් එක ගිහින් ඇවිල්ලත් දැන් දවස් දෙකක් උනා. මන් නම් අර බූවලු උකන්නගෙ මූනවත් බැලුවේ නෑ. මට මතක නැතෑ ගෑනියක් එක්ක එක කාමරේක හුරතල් උනු හැටි. දකින්නත් ඌව මන් ගෙදර ආවයින් පස්සෙ දැක්කෙත් නෑ. එදා  නම් දුක හිතුනා තමයි.ඒත් මන් මොකටද වටේ යන එකෙක් හින්දා අඩන්නෙ. ඔන්න අපේ රදීශයා මාව දාලා යනවනම් අඩන්න තිබ්බා. ඒකා මගෙ හැමදේම බලන එකානෙ. ඌත් ඉතින් මන් දන්න තරමින් සුකුරුත්තමකට අහු වෙලා ඒකී ලැබෙන්නෙ නෑ කියලා අඩනවනෙ. මූ කරන කියන වැඩ වලින් මට තේරුනේම එහෙම.. කොහෙද ඉතින් ඇහුවට කියන්නෙ නෑනෙ. කිව්වානම් සප් එකක් දෙන්න තිබ්බා.

බූවලුස් ඇත්තටම මට බොරු කලාද. දුකයි ඒත් මන් ඌව මතක් වෙන හැමවෙලේම ඒක අමතක කරලා අර බෝල වලින් එකම පාට බෝල වලට විද්දම ඒ ජාතියේම බෝල සෙට් එක පුපුරලා යන ගේම් එක ගහනවා. ඇයි වදේ මන් කියලා මෙතන විජය කුවේණිව දාලා ගියාම කුවේණී ඇඩුවා වගේ අඩ අඩ ඉන්නද..අනික ඕකව ඇස් දෙකටවත් මේ ටිකේ දැක්කෙ නැති එකම මට සහනයක්. ඇදට ආව මන් රදීශයා වොශ් දාන්න ගිය වෙලේ ෆෝන් එක අතට ගත්තා.

මේ දවස් දෙකටම මන් වට්සැප් පැත්ත පලාතේ ගියේ නෑ. නොටිෆි නම් ආව ගෲප් එකේ උන් ට්‍රිප් එකේ ෆොටෝ දාලා. ඒත් මන් නම් බැලුවෙ නෑ. මොකද ඒක මට නම් මහ ලොකු සතුටු හිතෙන ට්‍රිප් එකක් නෙවෙයි.  වට්සැප් එක ඕපන් කරපු මන් පින් කරලා තිබ්බ බූවලු චැට් එක දකිද්දි හික් ගෑවුනා. කෝ මුගේ Dp.. හිටපන් බලන්න.මන් චැට් එක ඕපන් කලා. යකෝ about  එක පේන්නෙ නැත් නෑ. මූ මාව බ්ලොක් කරලද.


සියුම් පහර | $i¥um Paha®a 🎯✨ [ © ✅ ]Where stories live. Discover now